(ඩයනා උදයංගනී)
මෙරට ඉකුත් 09 දා සිට ඇතිවූ කලහකාරී තත්වය පිළිබඳ සෙවීමට විශේෂ ජනාධිපති කොමිසමක් (සත්‍ය කොමිසමක්) පත්කරන්නැයි ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර ඇත.
සුදුසු පරිදි එම කොමිසම පත් කොට, මාස තුනක් ඇතුළත එහි වැඩ කටයුතු සම්පූර්ණ කළ යුතු බවද එම මන්ත්‍රීවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට යොමු කළ ලිපියෙහි දැක්වේ.
විජය ධරණී ජාතික සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගේ සහ ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, ජාතික කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එල්. එම්. අතාවුල්ලා යන මහත්වරුන්ගේ අත්සනින් ජනාධිපතිවරයාට යොමු කර ඇති ලිපියේ මෙසේ ද සඳහන්ය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහර දීපු අය හොයන්න මිසක් රට කාපු මිනිස්සු ගැන හොයන්න උනන්දුවක් නැද්ද?