ලංකාවේ ලුණු සමාගමට කෝටි 16 ක ලාභයක් ලංකා ලුණු සමාගම මේ වසරේ මුල් මාස දහයේදී රුපියල් කෝටි 16කට වැඩි ලාභයක් ලබා ඇත. 23 October 2021
ඉතාලියට-මියන්මාරයට නව ශ්‍රී ලංකා තානාපතිවරුන් දෙදෙනෙක් ඉතාලිය සහ මියන්මාරය සදහ නව ශ්‍රී ලංකා තානාපතිවරුන් දෙදෙනෙක් පත් කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී. 23 October 2021
අයවැය විවාද පවත්වන විදිය ගැන මැතිසබයෙන් ප්‍රකාශයක් අයවැය විවාදය ලබන මස 12 වැනි දා සිට දෙසැම්බර් 10 වන සිකුරාදා දක්වා ඉරිදා සහ රජයේ නිවාඩු දින හැර සෙනසුරාදා දිනද ඇතුළුව සෑම දිනකම පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. 23 October 2021
පොදු විෂයන් බෙදීම ගැන කෝපා කමිටුවෙන් චෝදනා සමාජ සේවා වැනි පොදු විෂයන් එක් අමාත්‍යාංශයක් යටතේ පැවතීම වැදගත්බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා )පවසයි. 23 October 2021
පැන්ඩෝරා ගැන තේරීම් කාරක සභාවක් ඉල්ලයි පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණය කෙරුණු මෙරට ඇතැම් පුද්ගලයින්ගේ විදෙස් වත්කම් පිළිබඳව සොයාබැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. 23 October 2021
දුම්රිය අනිද්දා සිට දුවන්නේ මෙහෙමයි බස්නාහිර පළාත තුළ දුම්රිය ධාවනය ලබන සඳුදා සිට යළි ඇරඹීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. 23 October 2021
අද දවසේ කාලගුණය දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (23) සවස 1.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 23 October 2021
මන්ත්‍රී නිල නිවාසවල ඥාතීන් පදිංචි කරලා කෝට්ටේ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන ඇති මන්ත්‍රීවරුන් එකසිය දොළොස් දෙනාගෙන් 60 කට වැඩි පිරිසක් එම නිවාසවල පදිංචි නොවී තම කිට්ටුවන්ත ඥාතීන්, හිතවතුන් හා තමන්ට ආරක්ෂාව ලබා දෙන ආරක්ෂක අංශ නිලධාරීන් ඒවායේ පදිංචි කරවා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග මාර්ගවලින් පැවසේ. 23 October 2021
’’අපි පත් කරලා තියෙන්නෙ සිග්නල් කණු වෙන්න නොවෙයි’’ කොහෙවත් නීති සාදා මෙතැනට ගෙනැවිත් අත් උස්සන ලෙස කියා කියන්නට ලෑස්ති නොවෙන්නයි ඉල්ලා සිටින බවත් ජනතාව තමා පත් කර ඇත්තේ සිග්නල් කණුවක්වීමට නොවන බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ විවෘත විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවැසීය. 22 October 2021
කොවිඩ් මරණ 12ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 12 දෙනකු ඊයේ (21) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (22) තහවුරු කළේය. 22 October 2021
දඹුල්ලේ එළවළු නහුතෙට නගී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිනපතා ලැබෙන එළවළු විශාල වශයෙන් අඩු වීම් හේතුවෙන් එළවළු මිල සියයට 100 කින් ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන කළමණනාකරණ බාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා පවසයි. 22 October 2021
කොවිඩ් ආසාදිතයන් තව 448ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 448 දෙනකු අද (22) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 22 October 2021
ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් දිස්ත්‍රික්ක 10 ක ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බවත් උණ රෝගය තිබේ නම් ඩෙංගු වියහැකි බවට අනුමාන කළ හැකි බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥා වෛද්‍ය ශිරන්ති සෙනෙවිරත්න මහත්මිය පවසන්නීය. 22 October 2021
සාදයක් වැටලු පොලිසියට ප්‍රහාරයක් මැණික්හින්න පොලිස් වසමේ ඕවිස්ස ප්‍රදේශයේ නිවසක නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සාදයක් පවත්වන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව එම ස්ථානය පරීක්ෂා කිරීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයකු මැදවල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. 22 October 2021
රිෂාඩ්ගේ විල්පත්තු පෙත්සම විභාගයට දින අභියාචනාධිකරණය ලබා දුන් නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු ,පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ විශේෂ අභියාචන පෙත්සම පෙබරවාරි 03 වැනිදා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) දින නියම කළේය. 22 October 2021
සුදුසුකම් සපුරන සියලු දරුවන්ට දෙසතියකදී එන්නත් දිවයිනේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශ සහ 11, 13 ශ්‍රේණි ආරම්භ කිරීමට කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (22) තීරණය කළේය. 22 October 2021
“සෙසු පාසල් ශ්‍රේණියෙන් ශ්‍රේණිය විවෘත කරනවා’’ දිවයිනේ සෙසු පාසල්ද ශ්‍රේණියෙන් ශ්‍රේණිය ඉදිරියේදී විවෘත කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. 22 October 2021
ඕමානයෙන් ඩොලර් මිලියන 3,600ක ණයක් ගැනීමට අනුමැතිය ඉන්ධන ආනයනය කිරීම සඳහා ඕමානයෙන් ඩොලර් මිලියන 3,600ක ණයක් ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. 22 October 2021
ප්‍රතිසංස්කරණය කෙරුණු එයිටි ක්ලබ් විවෘත වෙයි නාවික හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කරන ලද කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි “එයිටි ක්ලබ්” ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) රාත්‍රියේ දී විවෘත කෙරිණි. 22 October 2021
මෙරට පළමු කළු දිලීර මරණය වාර්තා වෙයි කොවිඩ් නිව්මෝනියාව හා සම්බන්ධ සංකූලතාවයක් වන කළු දිලීර ආසාදනය හේතුවෙන් මෙරට සිදු වූ පළමු මරණය ගාල්ල කරාපිටිය රෝහලෙන් වාර්තා වී ඇත. 22 October 2021
වස බී මිය ගිය රැදවියන්ගේ ඥාතීහු නොයෙති කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටියදී පිරිසිඳු කාරක දියරයක් පානය කිරීමෙන් අසාධ්‍ය තත්වයට පත්ව මියගිය ඉරාන ජාතිකයන් දෙදෙනාගේ ඥාතීන් පශ්චාත් මරණ පරීක්ෂණයට සහභාගි වීම ප්‍රතික්ෂේප කර ඇති බව පොලිසිය පවසයි. 22 October 2021
අයි.ඕ.සීය තෙල් මිල වැඩි කිරීමෙන් සිපෙට්කෝවේ පාඩුව ඉහළට ඉන්දියන් ඕයිල් සමාගම (අයි.ඕ.සී.) ඩීසල් සහ පෙට්‍රල් රුපියල් පහකින් මිල වැඩි කිරීමත් සමඟ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව තව දුරටත් ඉහළ යන බවත් සංස්ථාවට රුපියල් පහක මිල ඉහළ දැමීමක් ප්‍රමාණවත් නොවන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥා සුමිත් විජේසිංහ මහතා පැවසීය. 22 October 2021
අයවැය විවාදය සංඥා භාෂාවෙනුත් ලබන අයවැය විවාදය ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් සංඥා භාෂාවෙන්ද ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (22) තීරණය කළේය. 22 October 2021
මාලඹේ උසස් තාක්ෂණ ආයතනයේ අක්‍රමිකතාවක් ගැන මැතිසබයට හෙළිදරව්වක් වැදගත් පිරිස් බිහි කරන බව පවසමින් ඇරඹූ මාලඹේ උසස් තාක්ෂණික ආයතනයේ තිදෙනෙකු 2018 වර්ෂයේදී එම ආයතනයෙන් ඉවත් වීමෙන් පසු ඒ ආයතනය සහ එහි අක්කර 25 ක ඉඩම යන දෙකම තමන්ගේ පෞද්ගලික බූදලයක් ලෙස භුක්තියට ලියා ගැනීම බරපතළ වරදක් බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ(කෝප්)සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. 22 October 2021
විශ්වවිද්‍යාල විවෘතවන ලකුණු? ‘කොවිඩ්’ අවදානම හේතුවෙන් වසා දමා තිබෙන විශ්වවිද්‍යාල නැවත ආරම්භ කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සියලුම විශ්වවිද්‍යාලවල උප කුලපතිවරුන්ගේ ද සහභාගිත්වයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී අද (22) පස්වරුවේ පැවැත්වේ 22 October 2021
ගොවීහු වැලි ජාවාරමුන් පන්නා දමති හම්බන්තොට ප්‍රදේශයේ සිට පැමිණි ව්‍යාපාරිකයෙකුට අයත් පිරිසක් අරලගංවිල පන්සියතුන කුඩාඔය අමුණේ බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස ජේ.සී.බී.යන්ත්‍ර තුනක් මගින් වැලි ගොඩ දමමින් සිටි පිරිසක් අද (22) පලවා හැරීමට ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයින් සහ ගොවීහු පිරිසක් කටයුතු කළහ. 22 October 2021
කලා උපාධිධාරියෙකුට රජය ලක්ෂ අටහමාරක් වැය කරයි වසර තුනක කලා උපාධිධාරී පාඨපාලාවක් සම්පූර්ණ කිරීම සඳහා එක් ශිෂ්‍යයෙක් වෙනුවෙත් රුපියල් 8,54,310ක මුදලක් රජය වැය කරනු ලබන බව අනාවරණය වී ඇත. 22 October 2021
නව ‘කොවිඩ්’ ප්‍රභේදයක්: ‘ඩෙල්ටා ප්ලස්’ ‘කොරෝනා’ වයිරසය යළි පැතිරීමේ අවදානමක් ඇති බවත් ‘ඩෙල්ටා ප්ලස්’ නැමැති නව ‘කොවිඩ්’ ප්‍රභේදයක් පිළිබඳව ලෝකයේම අවදානය යොමු වී ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අධ්යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසයි. 22 October 2021
රත් හඳුන් ශාක ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙලක් දුර්ලභ හා ඉහළ වටිනාකමක් යුත් රත්හඳුන් ශාකය ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙළක් පරිසර අමාත්‍යාංශය මගින් ආරම්භ කර ඇත. 22 October 2021
බස්නාහිර පළාත තුළ දුම්රිය ධාවනය 25 සිට බස්නාහිර පළාත තුළ ලබන සඳුදා (25 වැනිදා) සිට දුම්රිය ධාවනය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 22 October 2021
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026