කෝටි 7 ක මත් කුඩු සමඟ අයිය- මලෝ පොලිස් දැලේ අළුබෝමුල්ල, ශාන්ති මාවතේ දෙමහල් නිවසක මත්කුඩු පැකට් කරමින් සිටියදී රුපියල් කෝටි 7 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමග අයියා මලෝ දෙදෙනෙකු අද (21) අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි. 21 January 2022
ඖෂධ ආනයනයට ඩොලර් මිලියන 16ක් සෞඛ්‍ය අමාත්‍යංශයට ඖෂධ ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඩොලර් මිලියන 16.3 ක් හෙවත් රුපියල් කෝටි 350 ට ආසන්න මුදලක් මහා භාණ්ඩාගාරයෙන් මුදාහැරි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 21 January 2022
ඇමැති බන්දුල කරච්චි වෙළඳ නියෝජිතයෝ සමඟ සාකච්ඡාවක පාකිස්තානයේ නිල සංචාරයක නිතරව සිටින වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කරච්චි වෙළෙඳ හා වාණිජ සංගමයේ නියෝජිතයන් සමඟ කරච්චි නුවරදී අද (21) විශේෂ සාකච්ඡාවකට සහභාගි විය. 21 January 2022
දේවස්ථාන බෝම්බ සිද්ධියේ සැකකරුවෙකුගෙන් රහස් ප්‍රකාශයක් බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානයට ජීව අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට අදාළ සැකකරුවෙකු අද (21) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබා දුන්නේය. 21 January 2022
කුඩා විදුලි බලාගාර වලින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 440ක් කුඩා විදුලි බලාගාර මගින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 440ක ධාරිතාවයක් එක්කිරීමට සැලසුම් කර ඇතැයි සූර්ය බල සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය. 21 January 2022
සදාචාරයක් නැති වෘත්තිය සමිති තියන රටකට ආයෝජකයෝ ඒවිද? යන දුම්රිය මග පැය තුනක් නවත්වන වෘත්තීය සමිති සිටින රටකට ආයෝජකයන් පැමිණේවීදැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 21 January 2022
රාසමාණික්යම්ටත් කොවිඩ් දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී එස්.රාසමාණික්‍යම් මහතාටද කොවිඩ් ආසාදනයවී ඇතැයි වාර්තා වේ. 21 January 2022
කුඩු අංජුගේ දේපොළ තහනම් කරයි ඩුබායි රටේ සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන රත්මලානේ කුඩු අංජු නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මිලදී ගත් බව කියන රුපියල් කෝටි 3කට ආසන්න දේපල අද ( 21 ) තහනම් කරනු ලැබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී දේපල හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය කියයි. 21 January 2022
මුදල් වංචා කළ තරුණියක් අත්අඩංගුවට ශ්‍රී ලංකාව තුළ ‘කොවිඩ්’ වයිරසය සීඝ්රයෙන් පැතිර යෑම ආරම්භ වූ 2020 වසරේ මුල කාලයේ මුව ආවරණ (මාස්) සැපයීම සඳහා මාලිගාවත්ත ප්‍රදේශයේ වෛද්‍යවරයෙක්ගෙන් ලබාගත් රුපියල් ලක්ෂ හතහාමාරක් වංචා කළේ යැයි චෝදනාවට වයස අවුරුදු 20 ක කාන්තාවක් සහ ඇගේ සැමියා කොළඹ මධ්‍ය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන තිබේ. 21 January 2022
ආංශික අධීක්ෂණ කාරක සභා ගැන චෝදනාවක් පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා වසර දෙකකින් පත් කර නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (21) චෝදනා කළේය. 21 January 2022
මසුන් මරන්න ගත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට ශ්‍රී ලංකා නාවික හමුදාව පසු ගිය දින දෙකක් තුළ මන්නාරම සහ එරක්කන්ඩි ප්‍රදේශයන්හි කළ විශේෂ සෝදිසි මෙහෙයුම්වලදී පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදු කිරීම සඳහා සූදානම් කර තිබූ වෝටර් ජෙල් නැමැති වාණිජ පුපුරණද්‍රව්‍ය කූරූ 11 ක් සමඟ පුපුරණ ද්‍රව්‍ය ආම්පන්න රැසක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 21 January 2022
’’ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හොරා කෑම-ණයට කෑම සහ විකුණාගෙන කෑමයි’’ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වන්නේ හොරා කෑම, ණයට කෑම සහ විකුණාගෙන කෑම බව ජාතික ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 January 2022
ශානිගෙන් පෙත්සමක් දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව විසින් තමන් සම්බන්ධයෙන් කරනු ලැබූ නිර්දේශයක් බලරහිත කරන ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා රහස් පොලිසියේ හිටපු අධ්යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අද (21) අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත. 21 January 2022
කුරුදු කම්හලක ගින්නක් කිරිදිවැල, පැපිලියවල පිහිටි කුරුදු කම්හලක අද (21) උදෑසන සිදුවූ ගිනි ඇවිලීමකින් හානි සිදුව ඇත. 21 January 2022
බොරැල්ල නිවාස පෙළක ගින්නක් බොරැල්ල කිතුල්වත්ත ප්‍රදේශයේ අද (21) හදිස්සියේ ඇතිවූ ගින්නකින් නිවාස තුනකට පමණ දැඩිහානී සිදුවී තිබේ. 21 January 2022
‘කොරියානු කතානායක එනවිට සභා ගැබේ පුටු හිස්‘ දකුණු කොරියාවේ කතානායකවරයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පැමිණෙන අවස්ථාවේ සභා ගර්භය හිස් ව පැවතීම ශ්‍රී ලංකාවට නිග්‍රහයක් බව හිටපු අග්‍රාමාත්‍ය සහ කොළඹ දිස්ත්‍රික් පත්කළ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 21 January 2022
පාර්ලිමේන්තු මුදල් කාරක සභාව පත් කරයි පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමත් සමග අහෝසිවූ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (21) නැවත පිහිටවනු ලැබීය. 21 January 2022
දක්ෂිණ අධිවේගීයේ වාහන 4ක් ගැටේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ කහතුඩුව අතර වාහන හතරක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් කොළඹ දෙසට දැඩි වාහන තදබදයක් නිර්මාණය වී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. 21 January 2022
විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද දහවල් පාර්ලිමේන්තුවේදී වැදගත් තීරණ කිහිපයක් ගැනීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීම (පක්ෂ නායක රැස්වීම) අද (21) දහවල් පැවැත්වීමට නියමිතය. 21 January 2022
පාඨලීගේ නඩුව විභාගයට දින නියම කරයි රාජගිරියේදී රිය අනතුරක් සිදු කර එහි සාක්කි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු තිදෙනකුට එරෙහි නඩුව ලබන මස 18 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මාහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද (21) තීරණය කළේය. 21 January 2022
වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට වැලිගම මිදිගම තුර්කි ගම්මානයේදී 46 හැවිරිදි පුද්ගලයෙකුට ඊයේ (20) රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කර ඇති බව වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි. 21 January 2022
කොළඹ-මහනුවර දුම්රිය ප්‍රමාදයක් කොළඹ - මහනුවර දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් ඇති බව දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය. 21 January 2022
වැස්ස නැති දවසක් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (21) දිනයේ වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 January 2022
ලොව වටා ගිය සාරා සැහැල්ලු ගුවන් යානයකින් තනිවම ලොව වටා යමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට 19 හැවිරිදි බෙල්ජියම් ජාතික ගුවන් නියමුවරිය සාරා රදර්ෆර්ඩ් සමත් වූවාය. 21 January 2022
දොස්තරට බෝම්බය දුන්න සැකකරු හම්බන්තොටදී අල්ලයි බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට සහ නාරාහේන්පිට පෞද්ගලික රෝහලට තැබීම සඳහා විශ්‍රාමික වෛද්‍ය අධිකාරීවරයාට බෝම්බ සැපයූ බව කියන පුද්ගලයා හම්බන්තොට රන්න ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායම් මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය 20 January 2022
එම්බාම්කර නිවෙසට ගෙනා කොරෝනා මළ සිරුර ආයෙත් රෝහලට ගෙනිහින් කොරෝනා වැළදුන මළ සිරුරක් ඥාතීන්ට මුදාහැර නිවසේ තැන්පත් කර තිබියදී අද (20) නැවත රෝහලට රැගෙනවිත් , නිරෝධායන නීතියට අනුව අවසන් කටයුතු සිදුකර ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග පවසයි. 20 January 2022
අලුත් කොරෝනා ආසාදිතයෝ 827 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 827 දෙනකු අද (20) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 20 January 2022
තවත් කොරෝනා මරණ 12 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 12 දෙනකු ඊයේ (19) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (20) තහවුරු කළේය. 20 January 2022
කොළඹ වරාය නගරයේ ඡායාරූප-වීඩියෝ ගත්තොත් ගාස්තු කොළඹ වරාය නගරයේ ඡායාරූප ගැනීමට සහ වීඩියෝ කිරීමට අවස්ථාව ලබාදෙමින් ඒ සඳහා වන ගාස්තු කොළඹ වරාය නගර සමාගම ප්‍රසිද්ධ කර තිබේ. 20 January 2022
ජනාධිපතිගේ රාජාසන කතාව: විපක්ෂයට හැර අනෙක් පක්ෂවලට විවාද කාලය අඩුකරලා ජනාධිපතිවරයාගේ රාජාසන කතාව සම්බන්ධව කල්තැබීමේ විවාදයට වෙන් කෙරුණු කාලයෙන් සමගි ජන බලවේගය හැර විපක්ෂයේ සෙසු පක්ෂ සඳහා වෙන් කෙරුණු කාලය අඩු කර ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 January 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026