
(සුජිත් හේවාජුලිගේ)
දේශපාලන ස්ථාවරත්වය ඇති කර ආර්ථික අර්බුදය ජය ගැනීමට නව අගමැතිවරයා ප්රමුඛ ආණ්ඩුවට හැකියාව ලැබෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය පැවසුවාය.
එසේම ජනතාව අපේක්ෂා කරන දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කර ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවද තානාපතිවරිය අවධාරණය කළාය.
ඇය මෙසේ අවධාරණය කළේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (27) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදීය.
ජුලී චන්ග් මහත්මිය ඇමරිකානු එක්සත් ජනපද තානාපතිනිය ලෙස පත්වීමෙන් පසුව කතානායකවරයා හමුවූ පළමු අවස්ථාව මෙයයි.
ශ්‍රී ලංකා - ඇමරිකානු එක්සත් ජනපද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංසදය හරහා දෙරට අතර පවතින සබදතා වැඩිදියුණු කර ගැනීමට අපේක්ෂා කරන බවද ජුලී චන්ග් මහත්මිය පැවසුවාය.
පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය සිදුකරන කාර්යභාරය ඇගයීමට ලක්කළ තානාපතිවරිය පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩිකිරීමේ අවශ්‍යතාවද අවධාරණය කළාය.
මෙරට ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කිරීමට ඇමරිකානු එක්සත් ජනපදය නිරතුරුව ලබා දෙන ශක්තිය පිළිබදව කතානායකවරයා සිය කෘතවේදීත්වය පළ කළේය.
මේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාද සහභාගීවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්.. ඔව් නියෝජ්‍ය කතානායක කමට කාන්තාවක් යෝජනා කරපුවාම රාජපක්ෂ නම ගහපු පොල් ලෙල්ලක් දාලා පෙන්නුවනේ බලය තියෙන්නේ ඒ අයගේ අතේ කියලා.. ඉතින් හොඳටම කරයි.. නෝනා බලන් ඉන්නකෝ..!
යූ.එස්.ඒ අයත් වැඩේට බැහැලා . ඒ කියන්නේ සීඅයිඒ එක ලංකාවේ බරටම වැඩ. ඉදිරියේදී මොනවා හරි වෙන ලකුණු තිබෙනවා...
ඔය කථානායකගේ මුලු පවුලම එයාගේ කාර්ය මණ්ඩලයට දාගෙන ජාතික ධනය සූරාකනවා. තවත් ලැජ්ජා නැතුව කලිසමක් ඇඳගෙන ගිහිල්ලා කථානායක හැටියට පෙනී ඉන්නවා... මේක මුලු පවුලම බස් එකක දාගෙන වෙන්ඩ ඇති තානාපතිනිය හම්බවෙන්න යන්න ඇත්තේ... මේ වගේ ගසාකන්නන් ඉන්න කන් මේ රට හැදෙයිද? මේ අයට නම් හෙනම ගහනවා. මේ රාජපක්ෂලාට කඩේ යන කථානායකයා. මොන කාන්තා නියෝජනයක්ද, නියෝජ්‍ය කථානායක කමට ඉල්ලපු කාන්තාව පරද්දලා හම්බන්තොට කෙනෙක්ව රාජපක්ෂලා එකතුවෙලා දාගත්තා. මේ රාජපක්ෂලයි, කඩේයන අයගේ සූප්පුවොයි එලවලා දානකං මේ රට හදන්න බැහැ.
ඔව්, සුද්දන් හැම එකටම වෙරිගුඩ් කියලා අතට අත දුන්නාම තමුන්ලා කරන හැමදේම අනුමත කරලා උදව් කරාවි කියලා හිතන්න එපා.
අනේ නෝනේ පින් සිද්දවේවි.. අපේ රට විනාශ කරන ඔයගොල්ලන්ගේ පුරවැසියන් රැගෙන යන්නකෝ..!
බොහොම ස්තුතියි අපේ රටට උදව් කරනවාට... ඇමෙරිකාවට දෙවිපිහිටයි..