(යොහාන් භාසුර)
ගෑස් මෙට්‍රික්ටොන් 3200 ක් රැගත් නෞකාව තව දුරටත් ප්‍රමාද වන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් අද (27) පස්වරුවේ පැවසීය.
එම ගෑස් නෞකාව අද (27) පෙරවරුවේ උස්වැටකෙයියාව ප්‍රදේශයට ළගාවීමට නියිතව තිබුණ ද පස්වරුව දක්වා ළගාවී නොතිබුණ බවත් මෙම තත්වය හේතුවෙන් ගෘහස්ථ ගෑස් හෙට (28) දිනයේ ද සැපයීමට නොහැකි අතර සැපයුම නැවත ආරම්භ කරන දිනය පසුව දැනුම් දෙන බවත් එම උසස් නිලධාරියා සඳහන් කළේය.
ගෑස් මෙට්‍රික්ටොන් 7,500 ක් රැගත් නෞකා දෙකකට මුදල් ගෙවා ඇති බව ලිට්‍රෝ සමාගම මීට පෙර පැවසු අතර එම නෞකා දෙක අද සහ ලබන ඉරිදා ශ්‍රී ලංකාවට ළගාවන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර කාලගුණය අයහපත් නිසා ලොරි වලට බානවා කිව්වේ බොරුවක්ද?
මිල ඉහළ දානකම්ම දවසින් දවස පරක්කු කරපල්ලා... අද නෙමේ හෙට කියමින් හැමදාම රවටනවා... ළඟදීම අපිටත් වාරයක් එයි... එතකම් ඉවසමු..