
(අංජුල මහික වීරරත්න)
රටෙි කෘෂිකර්මාන්තය ගොඩ ගැනීමට සහ ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම සඳහා විශ්වවිද්‍යාල තුනක මහචාර්යවරුන් පිරිසක් යෝජනාවලියක් සකස් කර තිබේ.
ඒ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය, රුහුණු විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය නියෝජනය කරන මහචාර්යවරුන් දහ දෙනකුගෙන් සමන්විත පිරිසක් කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත අදාළ යෝජනාවලිය කෘෂිකර්ම අමාත්‍යාංශයේදී බාර දී ඇත.
මහචාර්ය බුද්ධි මාරඹේ, මහචාර්ය ජනේන්ද්‍ර ද කොස්තා, මහචාර්ය දේවිකා ද කොස්තා, මහචාර්ය අරුණ කුමාර, මහචාර්ය සීවනන්දවේල්, මහචාර්ය සමන් ධර්මකීර්ති, මහචාර්ය මෙත්තිකා විතානගේ, මහචාර්ය නාලිකා රණතුංග, මහචාර්ය වර්ෂි දන්දෙණිය, මහචාර්ය නිලන්ත ලියනගේ යන මහත්ම මහත්මීහු ඊට සහභාගී වූහ.
කෘෂිකාර්මික කටයුතු ප්‍රවර්ධනය හා ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන වශයෙන් කාණ්ඩ තුනක් යටතේ මෙම යෝජනාවලිය සකස් කර ඇත.
ශ්‍රී ලංකාව ඉදිරියේදී මුහුණ දිය හැකි ආහාර අර්බුදය ජය ගැනීමට නම් වහාම මෙම යෝජනාවලිය ක්‍රියාත්මක කළ යුතු බව එම මහාචාර්යවරුන් කෘෂිකර්ම අමාත්‍යවරයාට දන්වා තිබේ.
මහචාර්යවරුන් ඉදිරිපත් කළ යෝජනාවලිය සම්බන්ධව අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම යෝජනාවලියේ අඩංගු සියලු කරුණු සැලකිල්ලට ගනිමින් යෝජනා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වලට වැටුණු පසුව හෝ ගොඩඒමට පියවර ගැනීම යහපත් අදහසකි. මෙම ආචාර්ය, මහාචාර්යවරුන් මෙලෙස ඉදිරිපත් නොවීම කණගාටුදායක තත්වයකි...
පොහොර සමාගම්වල කොටස් ඇති මහාචාර්යවරුන් විසින් සකසන යෝජනාවලින් පමණක් මෙරට කෘෂිකර්මය ගොඩගත නොහැක. ඇමැතිතුමනි, ඔවුන්ගේ යෝජනාවලින් මෙන්ම ඔවුන්ගේ පසුබිම ගැනත්, මෙතරම් උනන්දුවකින් විශ්ව විද්‍යාල තුනක පිරිසක් එකතුවී යෝජනාවලියක් සැකසීමේ හේතුවද විමසා බලන්න..!
අනුග්‍රහය පොහොර සමාගම් විසිනි. ඔතන ඉන්න සමහරු අධ්‍යක්ෂක මණ්ඩලවල සාමාජිකයින්..
වලට වැටුණු පසුව හෝ ගොඩඒමට පියවර ගැනීම යහපත් වන අතර මීටපෙර මෙම ආචාර්ය, මහාචාර්යවරුන් මෙලෙස ඉදිරිපත් නොවීම කණගාටුදායක තත්ත්වයක් නොවේද?
අනේ මේ මහාචාරය මහතුන්ගෙන් අහන්න කළින් අපේ ඵලපුරුදු ගොවිමහතුන්ගෙන් උපදෙස් ගන්න. මහාචාර්යතුමන්ලා නෙවෙයි මඩේ බැහැලා කන්න දෙකක් වගාකරන්නේ... මෙච්චර කල් අපිට කන්න හාල්ටික හදලා දුන්නේ මහාචාර්යවරු නෙවෙයි. අපේ කෘෂිකර්මය ගොඩගන්න පුළුවන් හරිතැනින් උපදෙස් ගන්නවා නම්.. ඒකත් පොහොර සමාගම්වල ඉත්තන්ගෙන් අහලා කරන්න යනවා නම් ඉතින් තව එක යෝජනාවක් විතරයි..
මහාචාර්යවරුන්ගේ යෝජනාවලට අමතරව අත්දැකීම් බහුල අයගේද යෝජනා ලබා ගතයුතුයි.
කණගාටුවට කාරණය නම් මේ රජය මේ විදුවතුන්ගේ යෝජනා සුළුකොට තැකීමයි. කිසිම හෙවිල්ලක් නැතිව හිටි අඩියේ කාබනික කෘෂිකර්මාන්තයට යොමුවීම එයට හොඳම උදාහරණයයි. එයින් සිදුවුණේ අපේ රටේ ජීවනාලිය වන කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටීමයි.
තමන්ට හිතවත් පොහොට්ටුවේ මහාචාර්යවරයාගේ මහාචාර්ය සහ වෛද්‍ය සංගම් සභාපතිගේ ලණුව නිසා අප අගාධයට ගියා..!
ජවිපෙ පොහොර ඉල්ලා විරෝධතා කරන කොටත් මේ වගේ රසායනික පොහොර සමාගම් සම්බන්ධ කරලා මඩ ගැහුවා. ඒත් අද මොකද වෙලා තියෙන්නේ? රටම බඩගින්න කරා යනවා. ඒක නිසා දැන්වත් බොරු චෝදනා නැතිව විද්වතුන්ගේ යෝජනා පිළිගනිමු...
රටට ඇත්තටම පළමුව අවශ්‍ය ආහාර සුරක්ෂිත තාවය... ඒ නිසා එයට මුල්තැනදී කටයුතු කරමු.. 100% කාබනික කතන්දර වල නැතුව දෙවනුව සුළු හා මධ්‍යම පරිමාණයේ ගොවීන් සඳහා අවශ්‍යතාව අනුව සහනදායී පොලී අනුපාත මත ණය පහසුකම් සැලසීම මගින් අපනයනය ඉලක්ක කරගත් වැඩසටහන් ක්‍රමයක් සැලසීම මේ සඳහා උනන්දුවක් ඇති කොටස් මේ සඳහා දායකකර ගැනීම මගින් හා අවශ්‍ය ගුණාත්මක, කෘෂිකාර්මික යෙදවුම් ආනයනය මගින් ගුණාත්මක නිෂ්පාදනයක් ඉදිරිපත් කළ හැකිය.
ප්‍රථමයෙන්ම එම මහාචාර්යවරුන්ට හිස නමා ආචාර කරමි. ලාංකීය ජනතාවගේ බඩගින්න නිවන්න වෙරදරන ඔබලාට බොහෝ පිං... කාලීන වශයෙන් ඉතාමත් වැදගත් කටයුත්තක්. මේ අවස්ථාවේ රටේ උගත්, බුද්ධිමත් මිනිසුන් මේ අයුරින් පෙළගැසිය යුතුයි. මන්ද බුද්ධික දේශපාලකයින්ගේ අභිමතාර්ථවලට ඉඩ නොදී ඔවුන් මෙවැනි ක්‍රියාවලට නැඹුරු කරගත යුතුයි. අපේ මේ සුන්දර රටේ පොළොවේ මඤ්ඤොක්කා දණ්ඩක් ගැහුවත් වැවෙන රටක්, ජලය සුලබ රටක්, දක්ෂ මිනිසුන් සිටින රටක්, එයින් ප්‍රයෝජන නොගන්නා රටක්, වෙනත් රටවල කෘෂිකර්මයට මූලිකත්වය.. එය ඉහළින් ඔසවා තබා ඇත. අපේ රට ගොවියා, කම්කරුවා, වත්තේ වැඩකරන කෙනා කියලා තමයි අමතන්නේ... ඉගෙන ගන්න බැරිවුණොත් ඔබට වෙන්නේ කුඹුරු කොටන්න. අන්න ඒ සංස්කෘතිය වෙනස් කළ යුතුයි. ගොවියා අපේ දෙවියා විය යුතුයි. සෑම ගෙදරකම හැකි පමණින් වැවිය යුතුයි. එයට රජය උදව් කළ යුතුයි. අගය කළ යුතුයි. ගොවි කර්මාන්තයක් විය යුතුයි. සේවකයින්ට වැඩි වශයෙන් සැලකිය යුතුයි. ජනතාවද මහන් තත්වය පසෙකලා වැඩකළ යුතුයි. ඔබගේ උත්සාහය සාර්ථක වේවා...!