
(අංජුල මහික වීරරත්න)
ප්‍රමාණවත් පොහොර සැපයීමක් සහතික කිරීම සඳහා ඇමරිකා ඩොලර් මිලියන 600 ක් රටට අවශ්‍ය වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
කෘෂිකාර්මික ද්‍රව්‍ය අඛණ්ඩව සැපයීම සහ බෙදා හැරීම සහතික කිරීම සඳහා අත්‍යවශ්‍ය කෘෂිකර්ම සැපයුම් පනත නව පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද අග්‍රාමාත්‍යවරයා කීය.
රට පවතින ආහාර හිඟය පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යවරයා සහ එම ක්ෂෙත්රයේ ආයතන ප්‍රධානීන් සමඟ පැවැති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මෙි බව කීය.
කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොර තහනම් කරලා මේ ජනාධිපති කරපු විනාශය දැක්කාම.. ගෝ හොම් නෙවෙයි, අල්ලා ගාලු මුවදොරින්ම මුහුදට දමන්න හිතෙන්නේ..!
මේ ගනිපු වැරැදි තීරණ නිසා මුළු රටක්ම අද දුක් විඳින්න සිදුවෙලා.. ඔවුන්ට ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. ඇමැති කුට්ටම අන අනා මන්දිරේට වෙලා ජනතා මුදලින් සැප විඳිනවා.
ඩොලර් මිලියන 600. එක රැයින් ඉවර කරන්නද? මුළු ලෝකේම දන්නවා ලංකාව කඩා වැටුණේ.. මහින්ද ඇතුළු සැවොම ලෝකයෙන් ණයට අරන් ඒ සල්ලි හොරා කෑවා.. කියලා දැන් ගිනි පොලියට දුගී රටවල් වලින් ණයට ගන්න..
ඔයා ගණන කියන්න... රටට අගමැති කෙනෙක් අවශ්‍ය නැහැ.
1960 වගේ සල්ලි දීලා හාල් ගෙනල්ල නොමිලේ දෙන්න. ලබන සැරේ චන්දෙ බලාගෙන. අරය ආවොත් සනීපාරක්ෂක තුවා නොමිලේ දෙනවා කිවා.