
සම්බුදු තෙමඟුල නිමිත්තෙන් ස්විස්ටර්ලන්තයේ ජාත්‍යාන්තර බෞද්ධ විහාරයෙන් දී දාන සීල භාවනා ඇතුළු පින්කම්මාලාවක් පැවැත්විණි.
ස්විස්ටර්ලන්තයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය තවලම ධම්මික නා හිමියන්ගේ අනුසාසකත්වයෙන් පැවැති මෙම උත්සවයට දෙස් විදේශ් විශාල පිරිසක් එක් වූහ.
සිංහල,දෙමළ,ලාඕස්, වියට්නාම්, ප්‍රංශ, ස්විස් ආදි විවිධ ජාතීන්ට අයත් විශාල පිරිසක් මෙහිදි දාන ශිල භාවනා ආදි පින්කම්වල නිරත වූහ.ගල්පිටිගල සුජාත, ගම්පහ විද්‍යාවංශ පිරිවේණාධිති ආචාර්ය බෝගහපිටියේ ධර්ම ශ්‍රී බුලත්කොහුපිටියේ සුගත, මාමිනියාවේ සීලරත්න තායි ජාතික සෛතපොට් ස්විස් ජාතික ලක්ඛණ යන හිමිවරුන් සමග තායා ජාතික ශාන්තා දසසිල් මාතාවට මෙම අවස්ථාවට එක් වූහ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ සහ ස්විස්ටර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති සී.ඒ.චන්ද්‍රප්‍රේම බුරුම ජනරජයේ වැඩබලන තානාපතිනී ටීම් යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක් වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd