නැගෙනහිර ටිමෝරයේ රික්ටර් පරිමාණයේ 6.4 ක් සටහන් වූ ප්‍රබල භූ කම්පනයක් අද (27) උදෑසන ඇති විය.
භූ කම්පනයේ ප්‍රබලත්වය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ඩාර්වින් නගරයටත් කම්පනය දැනී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නැගෙනහිර ටිමෝර වේලාවෙන් උදෑසන 11.36 පමණ ඇති වූ මෙම භූමි කම්පාව හේතුවෙන් නැගෙනහිර ටිමෝර අග නගරය වන දිලී හි වැසියන් ගොඩනැගිලි වලින් ඉවත්ව ආරක්‍ෂිත ස්ථාන කරා යොමු වූ විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.
මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි තත්ත්වය ඇතිවීමේ අවදානමක් නැතැයි ඕස්ට්‍රේලියා භූ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේය.භූ කම්පනය හේතුවෙන් ජීවිත හානි හෝ අනතුරු සිදු වූ බවට වාර්තා වී නැතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
(034)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd