
සිංගප්පූරුව නව බීර වර්ගයක් හඳුන්වා ඇති අතර මෙම බිර නිපදවන්නේ මුත්‍ර මුසු අපවහන ජලය ඉතා හොඳින් පෙරා පිරිසුදු කර ගැනීමෙන් බව පැවැසෙයි.
'නිව්බෲ' යන නමින් නම් කළ මෙම බීර වර්ගය මේ වනවිට සිංගප්පූරු වැසියන් අතරේ පමණක් නොව, විදේශිකයන් අතරේ ද ප්‍රචලිතය. මුත්‍ර මුසු වුණු අපජලය හොඳින් පෙරා පිරිසුදු කර ගන්නේ 'නිව්වෝටර්' යන නමිනි. 'නිව්බෲ' බීරවල 'නිව්වෝටර්' සියයට 95 ක් අඩංගු බව නිෂ්පාදකයෝ පවසති.
සිංගප්පූරු රජය ජලය ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවට නංවා ඇති අතර එහි එක් අදියරක් වන්නේ මෙම බීර නිෂ්පාදනයයි. සිංගප්පූරුවේ 'ජාතික ජල සතිය' යන නමින් අප ජලය ප්‍රතිචක්‍රීකරණය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත් වුණු අතර, 'නිව්බෲ' බීර හඳුන්වා දීම ඊට සමගාමීව සිදුවූ බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 'නිව්බෲ' බීර වෙළෙඳපොළට හඳුන්වා දීම සිදුවූයේ පසුගිය අප්‍රේල් 8 වැනිදාය. ඒ, ජාතික ජල ප්‍රතිචක්‍රීකරණ ආයතනය සහ දේශීය බීර නිෂ්පාදන සමාගමක් වන 'බෲකර්ස්' සමාගම හවුල් වෙමිනි.
පානය කිරීමෙන් පසු මී පැණි රස මෙන් පැණි රසක් දැනෙන බව පැවැසෙන 'නිව්බෲ' නිපදවීමට ජර්මනියෙන් මිලදී ගන්නා ඉතා උසස් තත්ත්වයේ බාර්ලි මෝල්ට් ඇතුළු අමුද්‍රව්‍ය මෙන්ම නෝර්වේ රටින් ගෙන්වන ඉහළ ඉල්ලුමක් ඇති විශේෂ ඊස්ට් වර්ගයක් ද භාවිතයට ගැනෙයි.
(එන්.ඩී.ටීවී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙ නම් කාලයක් තිස්සේ පෙරනවා...
මෙහෙත් පටන් ගනිමු. මූත්‍රාවලට හොඳ ඉල්ලුමක් තියේවි. තැබෑරුම් කාරයින්ගේ නිවාසවලට කැසිකිළි බට හැරවීම සුදුසුය.
කොහොමත් මුලු ලෝකයම අසූචි කාලා මුත්‍ා බොන තත්වය වැඩි ඈතක නොවෙයි...
අපේ අර එක්කෙනෙක් පාර්ලිමේන්තුවේදී කිව්වා "ගෘහ කර්මාන්තයක්" හැටියට පවත්වාගෙන යන දේවල් පෙරාගන්න දාන ඒවා එක්ක බැලුවාම මේවා මොනවද කියලා...
ලංකාවේ නම් ඉස්සර ඉඳන්ම කරනවා. අපේ අම්මා ඉස්සර තාත්තාට බනිනවා ඔව්වා බොන්න තමයි හවසට ගෙදරින් යන්නේ කියලා...
ආයෙත් ජොනීට හොඳ කාලයක් උදා වේවි...!!!