(නිමල කොඩිතුවක්කු)
19 වැනි සංශෝධනය ශක්තිමත් කර ප්රජාතන්ත්රවාදී රටක් වශයෙන් බලවත් රටවල් වල විශ්වාසය දිනාගෙන ආධාර උපකාර ලබා ගැනීමට හැකිව තිබියදී පොදුජන පෙරමුණේ එක් පාර්ශවයක් මෙම සංශෝධන වලට එකඟ නොවීමෙන් ඔවුන්ගේ බලලෝභී දේශපාලනය පෙන්නුම් කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා කොළඹ දී ප්‍රකාශ කළේය.
21 වැනි සංශෝධනය ගෙන ඒමේ ප්‍රමාදයෙන් ජනතාව කුපිත වී රටේ තත්ත්වය තවත් භයානක විය හැකි බව ද ජයසූරිය මහතා පැවසීය.
19 වැනි සංශෝධනයේ ඇතුළත් ව තිබූ ප්රජාතන්ත්රවාදී මූලධර්ම ඇතුලත් කර 21 වැනි සංශෝධනය වහා සම්මත කිරීමට ක්‍රියා කරන ලෙස ජනාධිපතිවරයා ප්රමුඛ රජයෙන් ඉල්ලීමක් කරන බවත් කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව පැවසීය.
”ජනාධිපතිවරයා රජයේ නව ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය ආරම්භ කිරීමට පෙර ලොවට හඬනගා කීවේ එතුමා 19 වැනි සංශෝධනය බල ගැන්වීමට හා විධායක ජනාධිපති පදවිය අහෝසි කිරීමට එකඟ බවත්, ඒ අනුව තාවකාලික සර්වපාක්ෂික රජයක් ඇති කිරීමට එක්වන ලෙසත් පක්ෂ නායකයන්ට ආයාචනා කළා. යම් හෙයකින් ආණ්ඩු පාර්ශවයේ බලපෑමෙන් මෙම සංශෝධනය ගෙන ඒමට ප්‍රමාද කළ හොත්, එය විශාල මහජන විරෝධයකට හේතු වන බව ජනාධිපතිවරයා තේරුම් ගත යුතුයි. එතුමා දෙන පොරොන්දු අතීතයේ මෙන්ම හිස් වචන කිහිපයක් බවට ජනතාව හැඳින් වීම නොවැළැක්විය හැකියි. ජනාධිපතිවරයා ගේ ප්‍රතිරූපය ද මෙයින් විනාශ වන බව එතුමා වටහා ගත යුතුයි.
අග්‍රාමාත්‍යවරයා මේ ගැන කරුණු පැහැදිලි කරමින් ලබන සදුදා යෝජිත පනත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව සඳහන් කළත්, පොදුජන පෙරමුණේ මහලේකම්වරයා සඳහන් කළේ පළමුව රටේ ආර්ථික ප්‍රශ්න විසඳිය යුතු බවයි. ඔහු දුන් පණිවිඩය නම්, සංශෝධන සඳහා සහයෝගය නොදෙන බවයි. රටේ ආර්ථික ප්‍රශ්න විසඳීමට අන්තර්ජාතික ප්‍රජාවගේ විශ්වාසය දිනා ගැනීමේ අවශ්‍යතාවය මහලේකම්වරයාට නොවැටහීම ගැන අපි කණගාටු වෙමු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිවරයාගේ බලතල අඩුකළ යුතුබව සත්‍යයකි. මේ අවස්ථාවේ ජනතාව කුපිත වනුයේ 21 නොගෙනාවොත් නොව ඉන්ධන, ගෑස් සහ කිරිපිටි සහ ගොවියාට පොහොර නොමැතිවීම නිසාවෙනි. පාර්ලිමේන්තුවේ 225 දේශපාලන අවශ්‍යතාව නොව පුරවැසියන් වන අප මිලියන 22.5 යේ අවශ්‍යතාවය කුමක්ද කියා හඳුනා ගන්න...
පොදුජන මහලේකම් දේශපාලන අත්දැකීමක් නැති අයෙක් නිසා ඔහුට රටේ ප්‍රශ්න විසඳීමට නොහැකියි. ඔහුට අවශ්‍ය බැසිල් රැකීමයි, පක්ෂය රැකීමයි. කොහොමත් පොදුජන පෙරමුණේ කිසිවෙක් බැසිල්ට පාඩුවක් වෙන්න දෙන්නේ නැහැ.. මෙතරම් ආර්ථික අවපාතයක් තිබුණත්, රට අන්ත දුප්පත් වුණත් ඔවුන්ට රාජපක්ෂ හා පක්ෂය හැර වෙනත් වටිනා කිසිම දෙයක් නැහැ.
මෙයාට නම් තියෙන්නේ රටටවත්, ජනතාවටවත් ආදරයක් නෙවෙයි. යටිකූට්ටු අදහසක්.. කවදත් කපටිිකමට මුල්තැන දුන් අය තමයි මේ..!
ඔය වැල්බයිලා වලින් වැඩක් නෑ, 21ට විරුද්ධ වෙන අයට ආයේ කවදාකවත් අපේ ගෙවල්වලට නම් එන්න බැහැ. ආවොත් පිළිගැනීම කොස්සෙන්...!
පාර්ලිමේන්තුවේදී ඡන්දය දෙන අයගේ නම් සහඡන්දය දුන්නු අයගේ නම් පලකළ හොත් ජනහිතවාදී කියන අයගේ මොලය ක්‍රියාත්මක වෙන විදිහ තමයි.
අපි බලාගෙන හිටියේ ඔබ භාරකාර රජයේ ජනාධිපති හෝ අගමැති වෙලා සාධාරණව රට ගොඩගන්න ක්‍රියාවලියක් වෙයි කියලා. අපි තවමත් අවාසනාවන්තයි. නිධානයක් වගේ රටක් උඩ ඉඳගෙන හිඟාකන්න වට්ටපු ජාතියක්. පාලකයින් කියලා හිඟන්නන් ටිකකට බලය දුන්නේ එළ හරක් නිසා..
ඉන්දියාවට කඩේ යන සුවච, කීකරු බලුකුක්කා තමයි මෙයා. ඉන්දියාවත් එක්ක ගිවිසුම් ගහලා. තෙල් ඒකාධිකාරය ඉන්දියාවට ලබාදුන්නේ එයා තමයි. දැන් අපට රුසියාවෙන් තෙල් කෙලින්ම ගෙන්වන්න බැරි ඒකේ ප්රථිඵලයක් ලෙසටයි. තෙල් ටැංකි ටික ඉන්දියාවට බදු දුන්නෙත් මෙයා. සිපෙට්කෝ හා අයි.ඕ.සී යන සමාගම් ස්වාධීන සමාගම් ලෙස පැවැතියේ නම් තරඟකාරී මිලකට තෙල් ලබාගත හැකිව තිබුණි. නමුත් සිපෙට්කෝ සමාගම අයිඕසී යටතට පත්කර මේ තත්වයට රට පත්කලේ මේ කොමිස් කාක්කන්ය.
සාගරත් කඩේ යනවා. මේ රැළ රට කාලා කාලා තවත් කන්න බලනවා.
21 ට විරුද්ධ වන පුද්ගලයින්ට විරුද්ධව ජනතාව 9 වෙනිදාට එහා ගිය තීන්දුවක් ගනීවි. මට දුක මේ 225 කාලකණ්ණි රැළගැන නෙවේ.. මේ ප්‍රශ්න නිසා ආර්ථිකය අවුල් වෙලා මගේ රට විනාශ වෙලා දුප්පතුන්ට කන්න බොන්න නැතිවෙන එක ගැන. දරුවන්ගේ අනාගතය විනාශ වෙන එක ගැන..
සාටක පවුල හදන්නේ අපිව ගොනාට අන්දවාගෙන කල්මරමින් අපිව තවදුරටත් සූරාකන්න. අපි ඉදිරි මාස දෙක තුන තුළ හොඳින් හෝ නරකින් දෙකෙන් එකක් බේරගන්න ඕනේ... නැතිනම් මේ අයව චීනයට සහ ඉන්දියාවට උකස් කළ රට සින්න වෙනවා. අපේ දරුවන්ට රටේ කොහේ හෝ මුල්ලක සිටිමින් ඔවුන්ට බැල මෙහෙවර කරමින් ඉතා දුක්බර ජීවිත ගත කරන්න වෙනවා. ආර්ථික මර්මස්ථාන ඔවුන් ගන්නවා.
රට සුඛිත, මුදිතව යනවා නම් ජනතාවට 21 නොවෙයි 55 තිබුණාට ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්න තිබෙන්නේ ඔහෙලාට. අපිට කන්න බොන්න තෙල්, බෙහෙත්, පොහොර ටික අඩුමිලට ලැබෙනවා නම් කොටින්ම ලැබෙන ආදායමට අනුව ජීවත් වෙන්න පුළුවන් නම් ඕ ගොල්ලෝ ඕන දෙයක් කරගන්න අපිට ඇති අමාරුවක් නැහැ. අපි මොකටද කුපිත වෙන්නේ? හැබැයි ජනතාවගේ හිත දුෂ්‍ය කරන්නේ ජෙප්පන්.. ඔවුන් අතුගා කසල ගොඩට දමා පොහොර කරන්න...