(ඉන්දිකා රාමනායක)
නිට්ටඹුව ප්‍රදේශයේ දී පසුගියදා ඝාතනයට ලක් වු පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරාල මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන්වරයාට ඔහුගේ රාජකාරි පිස්තෝලයෙන් වෙඩි තැබීම සහ එම පිස්තෝලය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවකු නිට්ටඹුව ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය වු ඉකුත් (9) ඇති වු මෙම සිද්ධියේ දී මෙම සැකකරු පිරිස සමග එක්ව මන්ත්‍රිවරයාට පහර දී ඔහුගේ ආරක්ෂක නිලධාරියාට ද පහර දී වෙඩි තබා ඇති බවට හෙළි වු තොරතුරු අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම සැකකරු පොලිස් සැරයන්වරයාට අයත් පිස්තෝලයෙන් එක් වෙඩිල්ලක් සැරයන්වයා වෙත එල්ල කර ඇති බවද එම උසස් පොලිස් නිලධාරියා කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී හෙළි වු තොරතුරු, වීඩියෝ පට හා සක්කි පදනම් කරගෙන මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැරයන්වරයාගේ රාජකාරි ගිනි අවිය ද සැකකරු සන්තකයේ තිබී ඇත.
සිද්ධිය වු ඉකුත් (9) දින මන්ත්‍රිවරයා හා ආරක්ෂක නිලධාරියා වාහනයෙන් ගමන් කරමින් සිටියදි නිට්ටඹුව ප්‍රදේශයේ දී ඉහත සැකකරුවන් පිරිස එම වාහනය නවත්වා හිටපු අගමැතිවරයාට සහය පලකිරීමට අරලියගහ මන්දිරයට ගිය බවට චෝදනා කරමින් මෙම පහර දී මන්ත්‍රිවරයා හා ආරක්ෂක නිලධාරියා ඝාතනය කර ඇති බවට සිදුකළ විමර්ශයේ ආනාවරණය වු බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
තමන් හිටපු අගමැතිවරයා හමුවීමට අරලියහග මන්දිරයට නොගිය බවත්, පොල්හේන්ගොඩ ප්‍රදේශයේ මිතරකුගේ නිවසට ගිය බවට සැකකරුවන් ප්‍රකාශ කර තිබියදී ඔවුන් පහර දී මෙම ඝාතන දෙක සිදුකර ඇති බවට ද තොරතුරු හෙළි වු බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මන්ත්‍රිවරයා හා ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහර දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 12 දෙනකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ දැන් උසි ගන්නවපු අය, කෝ අර වෛරය ඇති කරපු අන්තරේ, කෝ ගහපියව්, මරපියව් කිව්ව ජෙප්පන්, කෝ පෝලිමට අත් අල්ලන් හිටපු නීතීඥයින්, කවුරුවත් නැහැ. අන්තිමට සල්ලි ගෙවලා නීති උපදෙස් ගන්න. අවසානයේ ගෙදර ඉන්න අහිංසක ගැහුණු ළමයි, දෙමාපියන් දුක් විඳියි...
මේ අපරාධකරුවන් කිසියම් දේශපාලන පක්ෂයක අනුගාමිකයින්ද කියලා ඉක්මණින් සොයාගත යුතුයි. අතීතයේ පාඩම් අමතක කරන්න එපා..
මේ විදිහට හිතූ හිතූ විදිහට මිනිසුන්ට ගහන්නයි මරන්නයි ගියොත් රටක් නැතිවෙයි. හැම කෙනෙකුටම තියෙනවා අයිතියක් තමන් කැමති ගමනක් යන්න. කැමැති ආකල්ප දරන්න. කාගේවත් ආකල්ප කවුරුත් දරන්න අවශ්‍ය නෑනේ... වැරැදි කරපු සියල්ලන්ට නිසි දඬුවම් ලැබිය යුත්තේ මේ සමාජය නැවත විනයක් ඇති තැනක් වීමටයි..!
මුහුණු පොතෙන් රට ගිනිතියපු අයත් මේවාට වගකියන්න ඕනේ. නිතියෙන් නැතත් ඔවුන්ට කර්මය විසින් දඬුවම් ලබාදෙනු ඇත.
මේවාට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනෑ ෆේස් බුක් කාරයොයි, නීතිවේදින් කියන කොටසයි. රිමාන්ඩ් එකෙන් එළියට දාගන්න 200ක් යනවා. දැන් එක්කෙනෙක් වත් නැහැ.