IMG-LOGO

අපනයන ආර්ථිකයක් ගොඩ නැගීමට ඉදිරි තීරණ ගන්නවා

 

(අංජුල මහික වීරරත්න)

අපනයන ඉලක්ක කරගත් ආර්ථිකයක් ගොඩ නැගීම සඳහා ඉදිරි ප්‍රතිපත්ති තීරණ ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

වර්තමානයේ රට මුහුණ දෙන ආර්ථික අර්බුදය ජය ගත හැක්කේ අපනයන ප්‍රවර්ධනය කිරීමෙන් පමණක් බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

බැංකු ප්‍රධානීන් සමඟ කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අද (26) පැවති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඉදිරි කාලය ඇතුළත දේශීය හා විදේශීය වශයෙන් අභියෝග රැසකට මුහුණ දීමට සිදු වනු ඇතැයි ද ඒ සදහා සූදානම් විය යුතු බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. වත්මන් ලෝක ආර්ථික අර්බුදය හමුවේ රටවල් හැත්තෑවක් පමණ විවිධ දුෂ්කරතා වලට මුහුණ දී තිබෙන බවත් දුෂ්කරම රටවල් අතුරින් ශ්‍රී ලංකාව පළමු පෙළ සිටින බවත් වික්‍රමසිංහ මහතා කීවේය.

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ද දේශීය සහ විදේශීය බැංකු ප්‍රධානීහු ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.



අදහස් (7)

අපනයන ආර්ථිකයක් ගොඩ නැගීමට ඉදිරි තීරණ ගන්නවා

pakeer Thursday, 26 May 2022 04:58 PM

මේක තමයි වෙන්න ඕනේ.. මම හැමදාම කිව්වා මේක.. බඩු හදලා පිටරටවල් වලට විකුණන්න ඕනෑ. සරලම දේ ඒකයි.

:       0       20

ABFriday, 27 May 2022 09:05 AM

අප පළමුව කළයුතු වන්නේ අපනයන ආර්ථිකයක් ගොඩ නැගීමට සහ රටේ ආර්ථිකයට විශාල වශයෙන් ඩොලර් ලබාගැනීමට ලංකාවේ IT කර්මාන්තය සඳහා රජයෙන් ලැබිය යුතු සහයෝගය ඔවුන්ට ලබාදීම වේ. වෙනත් ව්‍යාපාර මෙන් නොව ඕනෑම පරිගණක වැඩකරු කෙනෙකුට නිවසේ සිට වැඩකරන අවස්ථාවන් නිසා කාලය සහ විශාල මුදල් ලැබීමක් සහ ඉතිරි කිරීමක් තිබේ. IT කර්මින්තයට ලෝකයේ තිබෙන්නා වූ ඉල්ලුම සීඝ්‍රයෙන් පුළුල් වේ. එමනිසා රජය, විශ්වවිද්‍යාල සහ පුද්ගලික අංශ එක්ව ලංකාවේ IT ප්‍රතිප්‍රමාණය කිරීමට හැකියාවක් තිබේ. පාසල් අධ්‍යාපනය ලබන සිසුන් මේවනවිට IT කර්මාන්තය කෙරෙහි දැඩි උනන්දුවක් දක්වනු පෙනේ.. එයට හේතු කිහිපයක් තිබේ. පළමුව විශාල අදායමක් ලැබීම, අඩු කාලයකින් අධ්‍යාපනය හමාර කර කිසිවකුගේ සහයෝගයක් නොමැතිව රැකියාවක් ලැබීමේ හැකියාව, ජොබ් මාකට් එක පුළුල්වීම සහ රැකියාව සඳහා තිබෙන්නා වූ නිදහස නිසා බොහෝ තරුණ පිරිස් පාසල් අවදියේම IT කර්මාන්තය තෝරා ගනී. IT කර්මාන්තයට උනන්දුවක් දක්වන පාසල් සිසුන් සඳහා පළමුව පාසලේදී ලබන IT දැනුම පසුව ඔවුන් පුද්ගලික ආයතනයකින් අධ්‍යාපනය ලබන්නේ නම් සහන පොලියට හෝ රැකියාවක් ලබාගැනීමෙන් පසු නැවත ගෙවන ආකාරයට ඔවුන්ට මුදල් ලබාදීමක් කළයුතුවේ..

:       0       4

Ras Thursday, 26 May 2022 07:00 PM

ඔය පියවර ගන්න ඉස්සෙල්ලා ඔය අපනයන කියන වචනේ තේරුම කාගෙන් හරි අහලා දැන ගත්තා නම් හොඳයි නේද? ඔය එක එක්කෙනා ලියලා දෙන දේ කියවන්න ඉස්සෙල්ලා ...

:       11       5

chandima Thursday, 26 May 2022 08:02 PM

කෝටි ප්‍රකෝටි ගණන් මුදල් යොදවන ව්‍යාපාර වලට පමණක් බී.ඕ.අයි. සහන නොදී සුළු අපනයන කරුවන්ටත් ඒ හා සමාන සහන ලබාදෙන්නේ නම් සුළු අපනයනකරුවන් දිරිමත් වෙනවා...

:       0       20

කියවන්නා Thursday, 26 May 2022 11:12 PM

අත්තක් උඩ කුරුල්ලන් 3 දෙනෙක් සිටියා. ඉන් දෙදෙනෙක් පියෑඹීමට තීරණය කළෝය... ඉතුරු කීයද?

:       0       0

Bamunuarachchi Friday, 27 May 2022 09:18 AM

හැබැයි හම්බයින්ට ප්‍රතිඅපනයනය කරන්න දෙන්න එපා. දැක්කා නේද අපේ ගම්මිරිස් කර්මාන්තයට උන්දැලා කරපු දේ?

:       3       3

sakura Friday, 27 May 2022 03:06 PM

පේ පෑල් ක්‍රමය ලංකාවට ගේන්න.. ෆ්‍රී ලාන්සර්ස්ලාට ගොඩක් වටිනවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 18 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 600 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site