IMG-LOGO

’’ගෝඨා ගෝ ගම’’ අදහස් අහන්න අගමැති කාර්යාලයෙන් වෙබ් අඩවියක්

(අංජුල මහික වීරරත්න)

"ගෝඨා ගෝ ගම"  අරගලකරුවන් මෙන්ම රට පුරා  වෙනසක් ඉල්ලන තරුණ තරුණියන්ගේ  ගැටලු හා යෝජනා ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය කාර්යාලය  වෙබ් අඩවියක් හදුන්වා දී ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍ය නිල වෙබ් අඩවිය වන pmoffice.gov.lk  හරහා සම්බන්ධ වෙමින් තරුණ තරුණියන්ගේ යෝජනා සහ අදහස් ඉදිරිපත් කළ හැකි බවත් එසේ ඉදිරිපත් කෙරෙන යෝජනාවලින් වඩාත් ඵලදායි සහ ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් කරන තරුණයන්ට හෝ තරුණ කණ්ඩායම් වලට අග්‍රාමාත්‍යවරයා මුණ ගැසී සාකච්ඡා කිරීමට ද ඉදිරියේදී අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් අවස්ථාව ලබාදෙනු ඇති බවත් රුවන් විජයවර්ධන මහතා කියයි.

"ගෝඨා ගෝ ගම" අරගලකරුවන් සමඟ  සම්බන්ධ වී ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කර  අදහස් හා යෝජනා ලබා ගැනීමෙි කාර්ය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමා වෙත පැවරූ රාජකාරි වලින්  එක් වැදගත් වගකීමක් බවත් පළමුව තරුණ තරුණියන් සමඟ  සම්බන්ධ වෙමින් පවතින ගැටළු අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කිරීමට කටයුතු කළ අතර එතුමාගෙන් ඊට  යහපත් ප්‍රතිචාරයක් ලැබුණ බවත් රුවන් විජයවර්ධන මහතා සඳහන් කරයි. 

 තරුණ අරගලය ජයග්‍රහණය කරා ගෙනයාම වෙනුවෙන් මෙම වෙබ් අඩවිය සමඟ සම්බන්ධ වෙමින්  කාලෝචිත හා වැදගත් අදහස්, යෝජනා ඉදිරිපත් කරන ලෙස රට පුරා සිටින සියලු අරගලකරුවන්ගෙන් ඉල්ලා සිටින බවද අරගලයේ අරමුණු ජයගැනීමට හැකි වෙිවායි  ප්‍රාර්ථනා කරන බවද විජයවර්ධන මහතා වැඩිදුරටත් පවසයි.



අදහස් (9)

’’ගෝඨා ගෝ ගම’’ අදහස් අහන්න අගමැති කාර්යාලයෙන් වෙබ් අඩවියක්

දිමුත් Thursday, 26 May 2022 03:29 PM

දැන් තරුණ තරුණියන් විතරද ඔතැන ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ? ඇයි දැක්කෙ නැද්ද විවිධ වයස්වල, ආගම්, ජාති වලට අයත් විවිධ රැකියා කරන මිනිස්සු ඇවිත් ඉන්නවා...

:       1       14

ගලපර Friday, 27 May 2022 10:22 AM

ඇත්තටම රනිල් ලැජ්ජා වෙන්න ඕනෑ... කිසිම ජනමතයක්, ජනතා කැමැත්තක් නැතුව අගමැති තනතුරු බාර ගත්තාට. ඔබ හිතනවාද හැම දේශපාලන නායකයාම රනිල් වගේ කියලා... රටේ බහුතරයක් ඉල්ලන්නේ ‘‘ගෝඨා ගෝ හෝම්..‘‘ කියලා. අනෙක් දේශපාලන නායකයින් කොන්දේසි දැම්මා. රනිල් කිසිම කොන්දේසියක් නැතිව මේකට කැමැති වුණා. දැන් ප්‍රශ්නේ විසඳුණාද? ගෑස් තියෙනවාද? තෙල් පෝලිම් ඉවරද? බඩුමිල අහස උසට...

:       1       0

BamunuarachchiSaturday, 28 May 2022 09:58 AM

විවිධ වයස්වල, ආගම්, ජාතිවලට අයත් විවිධ රැකියා කරන මිනිස්සු ආවාලු. ඒ තාමත් තරුණ අදහස් තිබෙන අත්දැකීම් නැති මිනිස්සු ටික. තරුණයින්ගේ ඉල්ලීම් මොනවාද? ගෝඨා ගෝ හෝම්, රනිල් ගෝ හෝම්, සජිත් එන්නේ නැහැ. ඔවුන් වක්‍රව කියන්නේ ජෙප්පන්ට බලය දෙන්න කියලා නේද? ජෙප්පන්නට රට ගියොත් කොහොමද කියලා අපි 9 වෙනිදා දැක්කා.. 1989 දැක්කා. අඩුම ගණනේ රැකියාවක් කරනවා නම් කොල්ලන්ට ඔතැන ඉන්න පුළුවන්ද? පිනට NGO වලින් කන්න දෙන නිසා ඔතන ඉන්නවා. ඔය හැත්තම තමයි 1989 කාලයේ විදේශීය සමාගම් එපා කියලා වර්ජන, තර්ජන කරලා විදේශීය කර්මාන්ත, ව්‍යාපාර රටින් පන්නා දැමුවේ. ජෙප්පන්නට රට හදන්න කොහෙත්ම පුළුවන්කමක් නැහැ. මේ රජයන් දෙකටම හොයන්න බැරිවුණු ඩොලර් ජෙප්පන් කොහෙන් හොයන්නද? තාක්ෂණය, කර්මාන්ත කොහෙන් ගෙනෙන්නද?

:       0       3

fairoos Thursday, 26 May 2022 04:51 PM

තවත් කාලය කා දමන වැඩක්. අරගලයේ එකම අරමුණ ගෝඨා ගෙදර යවන එක.

:       5       12

නලින්Thursday, 26 May 2022 07:26 PM

නිර්පාක්ෂික අරගලය සම්පූර්ණයෙන්ම මෙහෙය වන්නේ 71 ඉඳලාම රටට ඔලුව උස්සන්න දෙන්නේ නැති කට උල් කරකර පච කෙලින කුමාරගේ සහෝදරයින් ටික. මොලයක් තිබෙන ඕනෑ කෙනෙකුට ඵ්ක තේරෙනවා. මොවුන්ට ඕනේ උතුරු කොරියාව වගේ රටක් ලංකාවටත් කරන්න.

:       9       7

sharm warn Thursday, 26 May 2022 05:00 PM

ගෝඨාගමෙන් කින්නේ මුලු රටේම ඉල්ලීම.. අපි ඔක්කොම දින 50ක් තිස්සේ කියන දේවල් මේ අගමැතිට අහුවුණේම නැහැ කියලද මේ කියන්නේ?  දවස් 50ක් කියද්දී ඇහුණේ නැති දේ වෙබ් එකේ දාපුවාමද බලන්නේ..? ඒකෙන්ම පේනවා නේද මෙයාලා ජනතා හඬට කොතරම් සංවේදීද කියලා..? මෙයා කරන්නේ මහින්දගේ කොන්ත්‍රාත්තුවක්..

:       6       11

පංචි අම්මාThursday, 26 May 2022 07:32 PM

ඕකට වෙබ් අඩවි මොකටද? ගෝඨාගම තනිකරම ගෙනියන්නේ කුමාරගෙන් ඇහුවා නම් ඵ් ඇති.. නිකන් කාලේ කන්නේ නැතුව...!

:       7       7

siri Thursday, 26 May 2022 05:07 PM

ඕකට එන අදහස් ප්‍රසිද්ධ කරන්න තරම් සුදුසු ඒවා වෙන එකක් නම් නැහැ.

:       0       13

Bamunuarachchi Sunday, 29 May 2022 10:48 AM

ගෝඨාභය ගෙදර, මේ අය අව්වට, වැස්සට තෙමි තෙමී මහ පාරේ. අන්තිමට බලනකොට විෂ්ණු දෙවියෝ බටකොළ කෑවා වගේ වැඩක් මේ අයට වෙන්නේ. මහා ජෙප්පන්ගේ පව් මේ අය ගෙවනවා. ඒත් කමක් නැහැ. පිනට කන්න ලැබෙනවනේ නේද මචන්ලා..?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 18 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 601 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site