IMG-LOGO

කෝටියක කසිප්පු-උපකරණ සමඟ 4ක් දැලේ

(ටී.කේ.ජී.කපිල  )

කටුනායක පොලිස් ඉතිහාසයේ විශාලතම කසිප්පු වැටලීම ඉකුත් සිදු කරමින් රුපියල් කෝටියක් පමණ වටිනා නීතිවිරෝධී කසිප්පු තොගයක් සහ ඒවා පෙරීම සදහා භාවිතා කළ උපකරණ විශාල තොගයක් අත් අඩංගුවට ගෙන ඇති බව කටුනායක පොලීසිය කියයි.

මෙම නීතිවිරෝධී කසිප්පු ස්කාගාරය හීනටියන මෝළ ඇල ආශ්‍රිතව වගුරු බිම් සහිත දූපතක පවත්වා ගෙන ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේය.‍

ගෝඩා මිලි ලීටර් එක් කෝටි අනූ හය ලක්ෂ අසූ හත් දහස් පන්සියයක් ( 196,87,500 ) , නීතිවිරෝධී ලෙස පෙරන ලද කසිප්පු ස්ප්‍රීතු මිලි ලීටර් 472,500 ක් අඩංගු බෝතල් 630 ක් , යකඩ බැරල් 100 ක් , තඹ දගර 20 ක් , 45 ප්ලාස්ටික් කෑන් 50 ක් , වියළි ආහාර ද්‍රව්‍ය විශාල තොගයක්  සහ එම අවස්ථාවේ කසිප්පු පෙරමින් සිටි පුද්ගලයන් සිව් දෙනෙකු ද සමගින්  පොලීසිය අත් අඩංගුවට ගෙන තිබුණි .

ගෑස් හිගයට විසඳුමක් ලෙස  කසිප්පු පෙරීම සදහා කජු ලෙලි භාවිතා කර තිබීම විශේෂත්වයක් බව කටුනායක  පොලීසියේ ප්‍රකාශකවරයෙකු පැවසීය .

ෙමෙම කජු ලෙලි කිලෝ ග්‍රෑම්  50 ක ඇසුරුමක් ඔවුන් රුපියල් 300 ක මිළකට මිළදී ගෙන තිබූ අතර , එවැනි කජු ලෙලි ඇසුරුම් 50 ක් පමණ පොලිස් බාරයට ගෙන තිබේ.

හීනටියන මෝළ ඇළ තරණය කරමින් කටුනායක පොලීසියේ නිලධාරීන් පිරිස වගුරු බිම් සහිත බිම ඔස්සේ  මහත් පරිශ්‍රමයක් දරා මෙම වැටලීම සිදු කර තිබූ අතර මෙම දූපත තුළ කාණු කපා ඒවා තුළ ගෝඩා සහ පෙරන ලද කසිප්පු ගබඩා කර තිබී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

 

 

               

                 

 



අදහස් (1)

කෝටියක කසිප්පු-උපකරණ සමඟ 4ක් දැලේ

gagana Friday, 27 May 2022 10:47 AM

ඇත්තටම අපිට කසිප්පු අපනයනය කරන්න බැරිද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 18 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 601 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site