
(ටී.කේ.ජී.කපිල)
ගුවන් යානා සදහා ඉන්ධන ලබා ගැනීමේදී සිදු විය හැකි ගැටළු අවම කර ගැනීම සදහා විකල්ප විසදුමක් ලෙස ඉන්දියාවේ චෙන්නායි , ඩුබායි සහ සිංගප්පූරුව වැනි ගුවන් තොටුපළ වෙත ගුවන් යානා යොමු කිරීමට ගුවන් සේවා සමාගම් කටයුතු කරන බව ශ්‍රී ලංකා ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කරයි.
දැනටමත් ඉන්දියාව ඔස්සේ ගමන් ගන්නා ශ්‍රී ලන්කන් ගුවන් යානා චෙන්නායි සහ අනෙකුත් ඉන්දීය ගුවන් තොටුපළ වෙතින් තම ගුවන් යානාවලට අවශ්‍ය ඉන්ධන ලබා ගන්නා බව එම ගුවන් සේවයේ උසස් නිලධාරීවරයෙක් පැවසීය .
මේ පිළිබඳව මීට කළකට පෙර සිටම ඉන්දියාව සමග සාකච්ඡා කර තිබූ බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය .
ඉන්දියාවේ චෙන්නායි හෝ නවදිල්ලි වෙත පියාසර කරන ගුවන් යානා ආපසු පැමිණීමේ දී , එම යානාවලට අවශ්‍ය ඉන්ධන එම ගුවන් තොටුපළවලින් ලබා ගෙන පැමිණීමට කටයුතු කරන බව ද එම නිලධාරීවරයා සදහන් කළේය .
ඩුබායි සහ සිංගප්පූරුව යන රටවල ජාත්‍යන්තර ගුවන් තොටුපළවලින් ද මේ ආකාරයට ශ්‍රී ලංකාව වෙත පැමිණෙන ගුවන් යානාවලට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට ගුවන් සේවා සමාගම් කටයුතු කරමින් සිටින බව ද ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන් යානා තෙල් ප්‍රශ්නයක් ආවොත්, විදේශ ශ්‍රමිකයන්ට රට යන්න බැරි වෙනවා. සංචාරකයන්ට ලංකාවට එන්න බැරි වෙනවා. අපට දැනට ඩොලර් ලැබෙන ආදායම් මාර්ග දෙකම නොමැති වෙනවා. අපි කබලෙන් ලිපට වැටෙනවා. එහෙම වුණොත් අපි සියලු දෙනාම කොළඹ එනවා..
මගීන් පුරවා ගැනුනු ගුවන් යානයක ටැංකියක 20% වැඩි ප්‍රමාණයක් ඉන්දන තබාගෙන ගොඩබැස්සවීම කරන්න බැහැ බර වැඩි නිසා. ඒ නිසා ලංකාවෙ ඉන්දන නොමැතිවුනොත් අනිවාර්යයෙන් ගුවන් ගමන් කටයුතු කරන්න වෙන්නෙ ඉන්දියාව හරහා . ඩුබායි , කටාර්, සිංගප්පූරු වැනි ගමනාන්තවලට පියාසර කරන්න බැරි වෙනව. එක මගියෙකුගෙන් ගුවන් තොටුපල ගාස්තු වශයෙන් අපි ඩොලර් 46ක් අයකරනව. ගුවන් යානා වලට සේවා සපයන අපි විශාල ඩොලර් ප්‍රමාණයක් උපයනව. මේ ලැබෙන විදේශ මුදල් නිසි ලෙස කලමනාකරනය කරල ගුවන් යානා වලට අවශ්‍යය තෙල් ටික ගෙන එන්න බැරි මොකද? ගුවන් සේවා ඇමති සහ ගුවන් තොටුපල සමාගමේ සභාපති කරුනාකරල කරන්න බැරිනම් ඉල්ල අස්වෙලා ගෙදර යන්න. නැත්නම් ජනතාව මග රැස සිට හෝ ඔ්ක ඇතුලට ඇවිත් පහර දේවි.
ලෝකයේ වැඩිම ගුවන් තොටුපළ ගාස්තු අයකරන 3 වැනි රට අපි.. ඒක ඩොලර් 46 කි. උදාහරණයක් ලෙස ජපානයේ අය කරන්නේ ඩොලර් 9කි. බංග්ලාදේශය ඩොලර් 6කි. අපේ ගුවන් තොටුපළ පැය 24ම කාර්ය බහුලය. නමුත් මෙහි නවීකරණ කටයුතු සඳහා අපි විදේශ රටවලින් ණය ගනිමු. ජපානයේ සේවක පඩිනඩි සහ විදුලි බිල්, ජලබිල් ලංකාවට වඩා කිහිප ගුණයකින් වැඩිය. නමුත් ඔවුන් අයකරන්නේ ඩොලර් 9කි... විශාල වංචාවක්, දූෂණයක් අපේ ගුවන් තොටුපළේ සිදුවෙනවා. ඔබට විවිධ රටවල් අයකරන්න ඩිපාචර් ටැක්ස් වල ලැයිස්තුව බලන්න අවශ්‍ය නම් මුලින්ම ඩිපාචර් ටැක්ස් ගූගල් කරන්න.. ඉන්පසු විකිපීඩියා ක්ලික් කරන්න. එවිට මම කියන දේවල්වල සත්‍ය අසත්‍ය භාවය බලාගන්න පුළුවන්. ගුවන්තොටුපළ හරහා විදේශගතවන අපෙන් ගරාගන්න ආකාරය කොහොමද කියලා ඔබටම සංසන්දනය කරගන්න පුළුවන්... මෙම ගාස්තුව ඔබගේ ගුවන් ටිකට් පතේ සැඟවී ඇත.
අපෙන් ගුවන් තොටුපළ ගාස්තු ලෙස රුපියල් 16700 ක පමණ මුදලක් අයකරගනු ලැබේ..