
(ඩයනා උදයංගනී)
රට තුළ ඩොලර් ඉතිරි කරගැනීම සඳහා රාජ්‍ය සේවය ‘ඊ රාජ්‍ය සේවාවක්’ බවට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවයක් මතුව ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වැඩ බාරගත් ප්‍රියන්ත මායදුන්න මහතා පැවසීය.
මෙහිදී සාම්ප්‍රදායකත්වයෙන් ඔබ්බට සිතා කටයුතු කළ යුතු බව කී ලේකම්වරයා කඩදාසි භාවිතය අවම කිරීම සඳහා ඊ තාක්ෂණය බහුල ලෙස භාවිතා කළ යුතු බව ද සඳහන් කළේය.
ඉන්ධන හා බලශක්තිය පිරිමැසීම වෙනුවෙන් හා විකල්ප ප්‍රවාහන ක්‍රමවේද භාවිතා කිරීම මෙන්ම රාජ්‍ය ආයතනවල ඇඳිය යුතු නිළ ඇඳුම අත්‍යාවශ්‍ය නොවන අවස්ථාවල පහසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමේ ඉඩ ලබා දීය යුතු බව ද මායාදුන්න මහතා කීවේය.
රටට ඩොලර් ඉතිරි කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන් තුල ආකල්පයක් නිර්මාණය කළ යුතු බව කී ලේකම්වරයා ‘රට වෙනුවෙන් ඩොලරයක් ඉතුරු කරන්න’ යන තේමාව රට වැසියන් තුල ඇති කිරීම යුගයේ අවශ්‍යතාවයක් බව ද පැවසීය.
ඉදිරියේදී ආහාර අර්බුදයක් ඇතිවිය හැකි බැවින් සෑම ගෙවත්තකම, පොදු ඉඩමකම මෙන්ම සිද්ධස්ථාන සතු ඉඩම්වල වගා කටයුතු කිරීම සඳහා දිසාපතිවරු හරහා වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව කී ලේකම්වරයා උපාධිදාරී සංවර්ධන නිලධාරීන්ගෙන් ඵලදායි සේවාවක් ලබා ගැන්ම සඳහා ඉදිරියේදී විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එනකොට එකඑක දේවල් කියනවා... නමුත් ඔය එකක්වත් කරන්නේ නැහැ..
ඊට කලින් දේශපාලන පත්වීම් වලට පුරවපු සේවකයෝ ගෙදර යවන්න.
මේ ගොල්ලෝ මොන පද ගහගෙන ආවත් නටන්න වෙන්නේ රනිල්ගේ පදේට. බොරු කතා විතරයි. මෙච්චර රට අගාධයට ගෙනයනවිට පරිපාලන නිලධාරීන් ඒ දෙස බලාසිටීම පමණක් කර ඇත. මොවුන් තම රාජකාරිය සෑමවිටම අකුරට පමණක් සිදුකර ඇත...
ඕවා මේ වර්ෂ 2000 දී කරන්න තිබිච්ච ඒවා. එහෙම කරලා මිනිස්සු වාහන බද්ද ඉදන් හැම එකටම ලේකම් කාර්යාල වලට ගාටන එකයි , පගා දෙන එකයි නවත්තන්න තිබුනා 2000 දීම. කියවිල්ල විතරයි මේ වෙනකන් දැකලා තියෙන්නෙ. වැඩ නැහැ.
කාර්යාලයේ නම හංවඩු ගැසූ ටී ෂර්ට් වලින් සැරසී කාර්යාල නිලධාරින් හා සේවකයින් වෙළඳ සැල් කරා යාමෙන් සාමාන්‍ය ජනතාව සුළුවෙන් හෝ අගතියකට පත්වෙනවා. එය එක් අතකින් අල්ලස් ගැනීමට සමානයි කියන්න පුළුවන්... මෙය වැළැක්වීම සුදුසුයි.
ඔය කෝට් බෑය ගලවලා මුලින්ම බහින්න වගාකරන්න.
හැබැයි රජයේ සේවකයින්ට පඩි වැඩි කළොත් එක ඩොලරයක්, යූරෝවක් මෙරටට එවන්නේ නැත. ඒක ලොක්කාට කියන්න...!
මේ අමාත්‍යාංශයේ හිටපු විශ්‍රාමික ලේකම් පප්පාට වඩා නව ලේකම්වරයා යමක් කරයි වගේ...!
අනිවාර්යයෙන් කළ යුතුයි...