(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා විසින් පසුගිය වසර කිහිපයේදී කෙරුණු නිර්දේශ දහස් ගණනක් හමස් පෙට්ටියට ගොස් ඇතැයි වාර්තා වෙයි.
මෙයට පිළියමක් ලෙස සියලුම පාර්ලිමේන්තු කාරක සභාවල බලතල වැඩි කිරීම සඳහා විශේෂ කෙටුම්පතක් සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අද (26) බාරදෙනු ලැබීය.
පාර්ලිමේන්තු නිලධාරීන් සඳහන් කරන අන්දමට මැතිසබයේ කමිටුවල බලතල වැඩි කිරීමට නම් ඒ කමිටුවලට අදාළ ස්ථාවර නියෝග අනිවාර්යෙන්ම සංශෝධනය කළ යුතු වෙයි.
සභානායකවරයා විසින් මෙම කෙටුම්පත ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ එම ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහාය.
වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පමණක් නොනැවතී, තවත් ඉදිරියට ගමන් කිරීමට පාර්ලිමේන්තු කාරක සභාවලට බලතල ලැබෙන පරිදි, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා විශේෂ කෙටුම්පතක් ඉදිරිපත් කරන බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඉකුත් 20 වෙනිදා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු කාරක සභාවල සභාපතිවරුන් විශාල සේවයක් කරන නමුත් වාර්තාවක් ඉදිරිපත් කිරීම හැරෙන්නට ඉන් එහාට කටයුතු කිරීම සඳහා ඔවුනට පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලින් මෙතෙක් බලතල පැවරී නොමැති බවද හෙතෙම එහිදී සඳහන් කළේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කමිටු බලය වැඩි කිරිමට විශේෂ කෙටුම්පතක් කතානායකට