
(රංජිත් කරුණාවිර)
මහියංගණ දම්බරාව පොඩිවැව විනෝදයට මසුන් ඇල්ලීමට ගිය විශ්‍රාමික යුදහමුදා නිළධාරියකු හා දරුවන් දෙදෙනා එම වැවේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බවට මහියංගණ පොලිසිය පවසති.
මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කේ. එච්. එම්. සේකර බංඩා සහ ඔවුගේ 15 සහ 09 හැවිරිදි වියේ පසුවූ දරුවන් දෙදෙනාය.
මෙම පිරිස කලක පටන් දියනෑම සදහා මෙම වැවට පැමිණෙන අතර, නෑමට පෙර විනෝදාංශයක් ලෙසට මසුන් ඇල්ලීම සිදුකරන බව වාර්තා වෙයි.
එසේ ගිය පියා සහ දරුවන් දෙදෙනා රාත්‍රීවන තෙක් නිවසට නොපැමිණිම සම්බන්ධයෙන් සොයාබැලිමෙදී, දම්බරාව පොඩි වැව් බැම්ම අසල ඔහුන් පැදගිය යතුරු පැදිය හා ඇදුම් බෑගය, බිලීපිත්තක් හා පාවහන් තිබී සොයාගෙන ඇත.
ඔවුන් පිළිබද හෝඩුවාවක් නොමැති නිසා සොයා බැලීමේදී දියේ ගිලී සිටි පියාගේ හා දරුදෙදෙනාගේ සිරුරු රාත්‍රි 9.30ට පමණ ගම්වාසීන්ගේ සහයෙන් ගොඩ ගෙන ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙසක් මාසයේ කරනලද කරන ලද කුසල කර්මයක පහල ආනිසංසයක් , මීට වඩා මොනව බලාපොරොත්තු වෙන්නද?