(නිමන්ති රණසිංහ)
ගාලුමුවදොර ‘ගෝඨාගෝ ගමට’ දින 50ක් පිරීම නිමිත්තෙන් හෙට (28) පැවැත්වීමට නියමිත විරෝධතාවේ උද්ඝෝෂකයන්ට කොළඹ කොටුව ප්‍රදේශයේ මාර්ග කිහිපයකට ඇතුළු වීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා තහනම් ආඥාවක් අද (27) නිකුත් කළේය.
අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 106 වන වගන්තිය ප්‍රකාරව නිකුත් කරන ලද මෙම නියෝගයට අනුව, කොළඹ එන් ඒ එස් වටරවුමේ සිට චෛත්‍ය පාර දක්වා කොටස, එන් ඒ එස් වටරවුමේ සිට ජනාධිපති මාවත දක්වා කොටස, සෙරමික් හන්දියේ සිට යෝක් විදීය, යෝක් වීදියේ සිට ලේඩි බැස්ටියන් මාවත දක්වා කොටස, මුදලිගේ මාවත, රෝයල් වීදිය, බැංකු මාවත, බාරොන් ජයතිලක මාවත සහ චැතැම් වීදිය යන ස්ථානවලට ඇතුළු වීම, ගමන් කිරීම, විරෝධතා පැවැත්වීම, ගැවසීම පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යනාදිය තහනම් කරමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.
මෙම උද්ඝෝෂණය හේතුවෙන් මහජන පීඩාවක් ඇතිවිය හැකි බවට තොරතුරු හෙළිවී ඇති බැවින් මෙම ආඥාව නිකුත් කරන ලෙසට කොළඹ කොටුව පොලීසිය අද (27) අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අවස්ථාවේදී මහේස්ත්රාතවරයා මෙම කරුණු ඉදිරිපත් කළේය.
කොළඹ නගරයේ පිහිටා ඇති මහ බැංකුව, බැංකු මූලස්ථාන, ලෝක වෙළෙද මධ්‍යස්ථානය, වරාය, වරාග නගරය, ශ්‍රී ලංකා රේගුව, මුදල් අමාත්‍යාංශය, පොලිස් මූලස්ථානය වැනි මර්මස්ථාන විශාල සංඛ්‍යාවක් පිහිටි ඇති බවත්, එම ස්ථානවලට ලක්ෂයකට අධික ජනතාවක් දිනපතා සේවයට පැමිණෙන බවත් කොටුව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව, මෙම උද්ඝෝෂණය හේතුවෙන් මහජනතාවට සිය දෛනික රාජකාරි සිදුකර ගැනීමට අපහසුතා මතුවී එමගින් දෛනික ජන ජීවිතය අඩාලවිය හැකි බව කොටුව පොලීසිය අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේය.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 106 වන වගන්තිය ප්‍රකාරව මෙම නියෝගය නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය විරෝධතාවය ගෝල්ෆේස් පිට්ටනියේ හරි, කූඩාරම් ඇතුලේම හරි කරන්න බැරිද? පාරවල් දිගේ ගියාම මොනතරම් මහජනයාගේ ඉන්ධන හා කාලය නාස්ති වෙනවද?
දැන් මේක පෙරෙට්ටන් සහ ජෙප්පන්ගේ විගඩමක්. මේ අයට ගෝ හෝම් කීම සඳහා ජනතාව පෙළ ගැසීමට දැන් කාලෙ හරි...
අරගලයට අපත් පෙරදී පක්ෂව කටයුතු කළා. ඒත්, අනුර කුමාර දිසානායකට පහර නොදුන් අරගලකරුවන් සජිත්ට පහර දුන්නා. එයත් සමගම, අරගලය තුළට ජේවීපී එක රිංගා ඇති බව ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය වුණා. ඔන්න මතු දිනෙක පාර්ලිමේන්තුව තුළම මන්ත්‍රීවරුන් හිරකරලා පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙසට බලපෑම් එල්ල කරන්න කටයුතු කරන බව අන්තර්ජාලයේ පුවත් වෙබ් අඩවියක තිබෙනු දැකගත හැකියි. රට වැටීඇති මෙවන් මොහොතක අන් මන්ත්‍රීවරුන් සමග එක්ව කටයුතු කොට රට ගොඩගෙන ඒ තුළින් මහජන මතය දිනාගෙන බලයට එනවා වෙනුවට රට තවත් වළපල්ලට යැවෙනා වැඩ කටයුතු නොකරන්නට ජේවීපියට සිත් ඇතිවේවා..!!!
දැන් නම් මේවා විකාරයක් වෙලා. හුදී ජනතාවමයි පෙළෙන්නේ...!
මේකෙ අරගලයට එරෙහිව කොමෙන්ට්ස් කොටපු අයට කියන්න තියෙන්නේ තමුන් කවදාවත් මේ අරගලයට කැමති අය නොවෙයි. ජෙප්පන්, පෙරෙට්ටන් තමයි රටේ ප්‍රශ්නවලට සංවේදී. ඒ තරුණ කොටස්වලට වැටහෙනවා තමන්ගේ අනාගත ඉරණම.. ඒක විනාශ කලේ මේ පාලකයින් බව. මේ අයගේ අරගලය නොවේ නම් 21 එනවාද? මොනතරම් රටේ ආයතන ප්රජාතන්ත්රවාදී වුණාද මෙම අරගලය නිසා. ජෙප්පන්, පෙරෙට්ටන් ඔතැන තමන්ගේ දේශපාලනය කරන්නේ නැහැනේ.. ඒකනිසා ඔයගොල්ලන් කලබල වෙන්න එපා... ඒ අය මේක ජයග්‍රහණයකින් කෙලවර කරාවි....!
රනිල් ආපු ගමන් මානව හිමිකම් භාෂණ නිදහස ගැන කතා කරන අය අඩු වුණාද?
රනිල් පඩි වැඩි කරනවා කියපු ගමන් කට්ටිය ඔක්කොම පස්ස ගහනවා වගෙයි ඉහත අදහස් බැලුවාම පේන්නේ... අපේ මිනිස්සු කවදත් හිතුවේ බඩ ගැන විතරයි. තමන්ට හරියනවා නම් අනුන්ට හෙන ගැහුවත් කමක් නෑ. අපේ මෝඩයින්ට ඔහොම වෙලා මදි. තව ටික දවසකින් කන්නත් නැති වුණාම කට්ටිය පාරට එයි..
දවස් 50 උද්ඝෝෂණ කරලත් ඇති වුණු ප්‍රතිඵලය මොකක්ද? මහජනතාව අපහසුතාවයට පත්වීම හැර..? ඔයිට වඩා හොඳයි බතල වැල් ටිකක්, මඤ්ඤොක්කා දඬු ටිකක් හිටෙව්වා නම්...! ඉස්සරහට එන ආහාර අර්බුදයට ප්‍රයෝජනවත් වෙනවා...!
දැන් නම් මේවා විකාරයක් වෙලා... මෙයාලා සමාජය බයකරගෙන ඉන්න හදන්නේ...!
සමහරු අරගලය එකඑක විදියට දකිනවා ඇති. ඒක ඔවුන්ගේ මතයයි. අරගලය නිසා හැමෝම එකමුතුවීම... දේශපාලනීකරණය කරලා තිබූ තැන් පවා අද යම්තාක් දුරකට වෙනස් වෙමින් පවතිනවා. කෙසේ වෙතත් මේ ජරාජිර්ණ, දූෂිත දේශපාලන සිස්ටම් එක වෙනස් විය යුතුමයි.