(නිමන්ති රණසිංහ)
එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් කරමින් මහජන පීඩාවක් ඇති කළැයි කියන සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු විත්තිකරුවන් හය දෙනකුට එරෙහි නඩුවේ විභාගය ලබන අගෝස්තු මස 29 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (30) නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ විත්තිකරුවන් ඇප මත සිටිමින් අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විණි.
ඉකුත් 2016 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී මෙම විත්තිකරුවන් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මහා මාර්ගය අවහිර කරමින් මහජන පීඩාවක් ඇති වන ආකාරයෙන් උද්ඝෝෂණයක් කල බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
හිටපු අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයින් වන වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, සහ රොජර් සෙනෙවිරත්න යන අයවලුන් මෙහි අනෙකුත් විත්තිකරුවෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මානව හිමිකම් ගැන මෙයාලාට මතක් වෙන්නේ තමන්ට කුමක් හෝ කරදරයක් සිදු වුණාම... නැතිනම් මේ ගොල්ලන් කුමක් හෝ බොරුවක් කියාගෙන බයියන් ටිකත් දක්කගෙන යන්නේ ජාතිවාදී මාවතක... එතකොට මානව හිමිකම් නියෝජිතයෝ මේ ගොල්ලන්ට නයාට අඳුකොළ වගේ...
මහතිර් මොහොමඩුයි, ලීක්වාන් යූ යි දෙන්න ඒකකහු වෙලා නෝනව මහඋලු ගෙට යැවුව. ඊ ලගට පන්චායුදේ . 21 ගොඩ දාන්ඩ උදවු කලොත් ඩැඩිත් ගෙදර ඩැඩිගෙ නෝනත් ගෙදර.
අද සිදුවන මහජන පීඩා උද්ඝෝෂණ ගැන කෝ නඩු ? මේවා තනිකරම නාට්‍යය. එකම ප්‍රශ්නයකටම හැඳි දෙකෙන් බෙදනව. එක එක්කෙනාගේ පෞද්ගලික පළිගැනීමේ හැර වෙන මොනවා ද ?