(අංජුල මහික වීරරත්න)
ලංකාව බංකොලොත් බවට ප්‍රකාශයට පත් කළේ කාගේ අවසරයකින් දැයි වහාම හෙලිදරව් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
රට බංකොලොත් යැයි සලකා ක්‍රියා කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නාද?මුදල් අමාත්‍යංශය සහ මුදල් ඇමතිවරයා ඒ සඳහා අනුමැතිය ලබා දුන්නාද?පාර්ලිමේන්තුව අනුමැතිය ලබා දුන්නාද?යන කාරණා අධ්‍යයනය කර රටට කරුණු කීම පාර්ලිමේන්තුවේ 225 දෙනාගේම වගකීම බව ද එජාප සභාපතිවරයා සඳහන් කළේය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා කීවෙි
ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ ඉතා කණගාටුදායක තත්වයකට පත්ව තිබෙන අතර රට එම තත්ත්වයට පත්වුණේ ණය නොගෙවා හැරීම නිසා බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ තෙල් , පොහොර බෙහෙත් ගෙන්නවන්න, විදේශ ණය ගෙවන්න සල්ලි නැතිනම් . ඒක බංකොළොත් බව අමුතුවෙන් කියන්න ඔනෙ නැහැ. මෙවැනි හරක් ඉන්න පක්ෂවල චන්ද ප්‍රතිශතය 3%ට බසින එක පුදුමයක් නොවෙයි.
මෙයා උඩ බලාගෙන කෙල ගහනවා. මෙයාව මානසික වෛද්‍යවරයකට යොමු කරලා, මෙයාගේ බුද්ධිය පරීක්ෂා කලයුතුයි. දැන් වර්තමාන මුදල් ඇමති මෙයාගේ ලොක්ක රනිල්. එයාගෙන් අහන්න එපයි.
මේ කවුද මේ..? මෙයා අඩු ගානේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ද? මෙයාට මොකද්ද මේ වෙලාවේ ආර්ථිකය ගැන කතා කරන්න තියෙන අයිතිය. 2015 ඉඳන් කළානේ රටට හොඳට... දැන් අගමැතිගේ පිටේ එල්ලිලා ආයෙත් ඩීල් දාන්න හදනවා. දේශපාලනයෙන් අතුගා දැමිය යුතු චරිත.. යූ.ඇන්.පී ය ආයෙත් මළාට නැගිටින්නේ නෑ.. මේ මිනිස්සු එක්ක...
ජනතාව ප්‍රතික්ෂේප කරපු මේ අය දැන් මේ කාගෙ බලේකටද කයිවාරු ගහන්නේ..? රට බංකොළොත් කියලා ඕනෑම මොන්ටිසෝරි ළමයෙකුටත් තේරෙනවා. මෝඩ දේශපාලනය නිසා ඇපත් නැතිව ගෙදර ගිහිල්ලා තමයි ලැජ්ජාවක් නැතිව පම්පෝරි ගහනවා.
ඇයි රට බංකොළොත් වෙලා නැද්ද? මොලේ නැහැ කියලා පේනවා.. මහත ශරීරය දැක්කාම...
1977 සිට අද දක්වා පාර්ලිමේන්තුවේ හිටපු, සිටින මන්ත්‍රීවරු, ඇමැතිවරු, අගමැතිවරු, ජනාධිපතිවරු සියලු දෙනාම සියලු දෙනාම වගකිව යුතුයි.
නායකයාට පින් අගමැතිකම හම්බ වුණු ගමන්ම ෆෝම් වෙලා..
අම්මෝ මෙයා තමයි ප්‍රධානම පුද්ගලයා එජාපය කඩන්න. අනිත් එක මෙයා සහ විජේදාස නිසා තමයි ඇවන්ගාර්ඩ් කාරයින් බේරුණේ. නියම ඩීල්කාරයින්. ඡන්ද 2500 ගන්න බැරුව මෙතන එනවා රට හදන්න...
විකාරද? දැන් ඔය කියන්නේ බංකොළොත් නැහැ කියලද?
කිසිම වගකිවයුතු තනතුරක් නොදරන මෙවන් විහිළු කාරයින් කියන දේවල් වැදගත්ද?
මෙයා මොන ලෝකෙද ඉන්නේ? රට බංකොළොත් බව කව්ද නොදන්නේ...? තව හංගන්න මොනවද තියෙන්නේ..? කුලියට කහින්නේ නැතුව යන්න..!
මේ වගේ පහත් අදහස් තියෙන මිනිස්සු කට ඇරියොත් කියන්නේ තමන්ගේ වාසියට දේවල් පමණයි.
මේක මහා බූරු කතාවක් නේ. රට බංකොලොත් බව මේ ගොන් පැටියට තේරෙන්නේ නැද්ද? රට බංකොලොත් නෑ කියලා ඔප්පු කරන්න පුලුවන්ද ?