(රංජන් කස්තුරි)
පෞද්ගලික අංශයේ පුනර්ජනනීය විදුලි බලාගාරවලින් ලබාගත් විදුලිය වෙනුවෙන් ගෙවීමට නියමිත රුපියල් කෝටි 2300කට අධික මුදලක් ලංකා විදුලිබල මණ්ඩලය මාස අටක් තිස්සේ ගෙවීම් පාහැර හැර ඇතැයි වාර්තා වෙයි.
කුඩා විදුලිබලාගාර, සූර්යතාප (සෝලා) බලාගාර සහ සුළං බලාගාරවලින් ජනනය කර ජාතික විදුලිය පද්ධතියට ලබාදෙන විදුලිය වෙනුවෙන් එලෙස ලංකා විදුලිබල මණ්ඩලය ගෙවීම් පැහැර හැරීම නිසා ඒවා වැසී යන තත්ත්වයකට පත්වෙමින් තිබෙන බව ද දේශීය පුනර්ජනනීය බලශක්ති කේෂත්‍රයේ සේවක එකමුතුව සඳහන් කරයි.
ලංකා විදුලිබල මණ්ඩලය ණය ගෙවීම පැහැර හැරීම නිසා පෞද්ගලික පුනර්ජනනීය බලාගාරවල සේවක කරන සේවකයන් 7000කගේ පමණ රැකියා අනතුරේ වැටෙමින් තිබෙන බව ද ‘‘දේශීය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයෙ සේවක එකමුතුවේ සභාපති රුවන් ප්‍රසංග මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමතැනම පොලු... එතකොට මොනවද කරලා තියෙන්නේ සල්ලිවලට?
සූර්ය ශක්තිය මේ තරමටම තියෙන රටේ , ඒ පැනල සවි කරනවාට මේ නිලධාරීන් හරි විරුද්ධයි. ප්රයිවෙට් බලාගාරයකින් විදුලිය ගන්න විට ලැබෙන කොමිස් මුදල තමයි බලන්නෙ. මේ රට මෙහෙම වෙලා තියෙන්නෙ ඕය වැනි නිලධාරීන් නිසයි.
ඇනිවර්යයෙන්ම සාටක ජරාපක්සයලගෙ නෑයො හරි, උන්ගෙ ගජමිතුරො හරි වෙන්ඩ අති. ඔය සාටකයො කොහෙද. එතන මා පරිමන වංචා, ගසාකෑාකෑ, පහර දීම්, අතුරුදහන් කිරීම්, මගඩි, වෙඩි තබීම් අතුලු නොයෙක් නීතිවිරෝදී වැඩ තමයි කරන්නෙ.