
(ඩයනා උදයංගනී)
යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සියලු පක්‍ෂ සහාය දිය යුතු බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
අතීතයේ අඩුපාඩු මඟහරවා ගැනීමට, මහජන විශ්වාසය යළි ඇති කිරීමට සහ ආර්ථිකයේ නව පිබිදීමකට මෙය හොඳ ආරම්භයක් වනු ඇතැයි ද ඩලස් අලහප්පෙරුම මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.
තනි පුද්ගල සහ දේශපාලන අවශ්‍යතා පෙරදැරි කරගෙන අතීතයේ දී ව්‍යවස්ථාවේ ඇතිකරගත් අඩුපාඩු මඟහරවා ගැනීමට මෙය හොඳ අවස්ථාවක් බව ද අලහප්පෙරුම මහතා එහි දක්වා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ 19 නැවත ගෙන එනවා නම් විපක්ෂය සහාය දේවි. රාජපක්ෂලා රකින්න ජනතාව ගොනාට අන්දවන්න හදන එක ගෙනාවොත් විපක්ෂයේ සහාය දෙන එකක් නැහැ.
පාර්ලිමේන්තුවේ ඉන්න පක්‍ෂ විපක්ෂ 225 බහුතරයක් ගැන අපේ කිසිම විශ්වාසයක් නැහැ. කරුණාකර ඡන්දයක් තබන්න. අපි කැමැති කෙනෙක් පත්කරගන්නම්. මොන ව්‍යවස්ථා ගෙනාවත් පාර්ලිමේන්තුවේ ඉන්න හොරු නම්, ඩීල්කාරයෝ නම් ඵලක් නෑ.
දැන්වත් එක පවුලක් ගැන නොසිතා රටේ අනාගතය ගැන හිතන්න. වහල් මානසිකත්වයෙන් ඉවත් වෙන්න.