
(සුමිත් පොතුපිටිය,බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සමන් කාරියවසම්)
බණ්ඩාරගම අටුළුගම නව හැවිරිදි ෆාතිමා අයේශා දැරියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු බව කියන කොත්තු හදන්නකු අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
බණ්ඩාරගම, අටුළුගම මුස්ලිම් කොලනිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
ඝාතනයට ලක්වූ දැරිය කුකුල්මස් වෙළද සැලට ගොස් සිටියදී සැකකරුද අයිස් මත්ද්‍රව්‍ය පානය කොට එහි සිට ඇති බවත්, දැරියට පෙර සැකකරු වෙළද සැලෙන් පිටවී ලදු කැලෑවක් අසල මගරැක සිට ඇති බව මූලික පරික්ෂණවලින් අනාවරණය වූ බව පොලිසිය පවසයි.
දැරිය කුකුල් මස් රැගෙන නිවෙස බලා යද්දී අසල තිබූ කැලයට ඇයව ඇදගෙන ගොස් දැරියගේ ශරීරය ස්පර්ශ කර ඇති බවත්, එහිදී ඇය සැකකරු ගේ ග්‍රහනයෙන් මිදීමට උත්සාහ දරා විලාප නගා ඇති බවත් මෙතෙක් කළ පරික්ෂණවලින් හෙලිවූ බව ද පොලිසිය සඳහන් කරයි.
දැරියගේ මුව තුළට රෙදි කැබැල්ලක් ඔබා තවත් මීටර් කිහිපයක් ඉදිරියට ඇදගෙන ගොස් අසල තිබූ මඩ වගුරකට තල්ලුකර ප්‍රාණය නිරුද්ධ වනතුරු එහි ගිල්වා දැරියගේ පිටට සිය දණහිස තබාගෙන තද කර ඇති බවත් උසස් පොලිස් නිලධාරීයෙක් කීය.
(ඡායාරූප: බිමල් ශ්‍යාමන් ජයසිංහ)
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොත්තු බාස් දැරියගේ මරණය ගැන වමාරයි