IMG-LOGO

ආයතන 13ක ප්‍රධානීහු ලබන සතියේ කෝප්, කෝපා කමිටු හමුවට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ලංකා විදුලිබල මණ්ඩලය සහ නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන 13 ක ප්‍රධානීහු  පොදු ව්‍යාපාර  පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝප් කමිටුව )සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) හමුවට ලබන සතියේ කැදවෙති.

ආයතන 3ක ප්‍රධානීන්   කෝප් කමිටුව හමුවටද ආයතනය 11ක ප්‍රධානීන්  කෝපා කමිටුව හමුවටද මෙසේ  කැදවෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

කෝප් කමිටුව හමුවට කැදවෙන ආයතන තුන වන්නේ ලංකා විදුලිබල මණ්ඩලය, නාගරික සංවර්ධන අධිකාරිය සහ මොරටුව විශ්ව විද්‍යාලයයි.

නාගරික සංවර්ධන අධිකාරිය කෝප් කමිටුව හමුවට  ලබන 7  වෙනිදාද මොරටුව විශ්ව  විද්‍යාලය ලබන 8 වෙනිදාද   විදුලිබල මණ්ඩලය ලබන 9 වැනිදාද කැදවෙන බව  පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි.

මෙම රැස්වීම් කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට  නියමිතය.

රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට( කෝපා කමිටුව) ලබන සතියේ කැද වෙන ආයතන සංඛ්‍යාව 10කි.

මේ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය ලබන 7 වැනිදාද  ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව ලබන 8 වෙනිදාද  ධීවර අමාත්‍යාංශය ලබන නව වැනිදාද  වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව, සතොස ආයතනය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, ජාතික සමූපකාර සංවර්ධන ආයතනය, රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව යන ආයතන ලබන10 වැනිදාද  කෝපා  කමිටුව හමුවට කැඳවේ.

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සහ ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව  ඇතුළු ආයතන කෝපා  කමිටුව හමුවට මෙසේ  කැඳවන්නේ රටේ ආහාර ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාය.

රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන්  රැස්වීමට නියමිතය.



අදහස් (2)

ආයතන 13ක ප්‍රධානීහු ලබන සතියේ කෝප්, කෝපා කමිටු හමුවට

de silva Wednesday, 01 June 2022 03:31 PM

ඔය ප්‍රධානියො කෝටි ගනනක දේපල හම්බකරල තිබෙන්නෙ , ඔකට ඇවිත් පැය 2-3 බැනුම් අහගෙන ඉන්දදල, අන්තිමට අපි මේව කරේ ගොබ්බසේන එහෙම නැතිනම් ඔහුගෙ ලේකම් කෙනෙක්, දුරකතනයෙන් උපදේස් දුන්න නිසා කියල , ඇඟ බේර ගෙන ගෙදර ගිහින් නැවතත් සුපුරුදු පරිදි සැපෙන් ජිවත් වෙන්න පුලුවන්, ගොබ්බසේන සහ ගොලයන් කලේම ගොබ්බ වැඩ නිසා හැමොම එව විශ්වස කරන්ව, එහෙම වුනා කියල නඩු දමන්නෙත් නැහැ හිරෙ දමන්නෙත් නැහැ. වැරදිලාවත්ව එහෙම ප්‍රශ්නයක් වුනොත් ගොබ්බසේනගෙ ගෝලයෙකුට කියල වඩෙ යට ගහගන්න පුලුවන් , හිරේට නියම වුනොත් අර විහිලුවන්සගෙ පවුල කලා වගෙ ඇපීල් කරල ගෙදර යන්න පුලුවන්

:       0       4

de silva Thursday, 02 June 2022 04:09 PM

මට පෙනෙන විදිහට මේ නිලධාරිනුත් දිගුකලක සිට අඩුවැඩි වශයෙන් විශාල ලෙස මුදල් සහ අනිකුත් රජයේ දේපල ගසාකෑම කරලා තිබෙනවා. නමුත් පසුගිය කාලේ මේවා විශාල ලෙස වැඩිවෙලා තියෙන්නේ නන්දසේන විසින් ලේකම්වරුන් ලෙස පත්කළ වයසක, විශ්‍රාමික හමුදා නිලධාරියෝ මේ විෂය ගැන දැනුමක් නොමැති නිසා නිලධාරීන් විසින් මහා පරිමාණයෙන් ගසාකාලා තිබෙනවා. මොවුන් වහාම අත්අඩංගුවට අරන් නඩු පවරන්න ඕනේ. මේවා සියල්ල කරන්න නම් නන්දසේනගේ බලතල විශාල ලෙස අඩුකරන්න හෝ ඔහු ගෙදර යවන්න වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 456 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 96 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 288 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site