(යොහාන් භාසුර)
ජනාධිපති සමාව අවලංගු කරමින් වාහාම අත්අඩංගුවට ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) ඊයේ (1) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩි දුරටත් කීය.
දුමින්ද සිල්වා මහතා අත්අඩංගුවට ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පෙරේදා (31) පස්වරුවේ නියෝග කළ අතර ඒ මහතා අද පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ 18 වැනි වාට්ටුවට ප්‍රතිකාර සඳහා ඇතුළත් විය.
භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයට මරණීය දණ්ඩනය නියමව සිරදඩුවම් විදිමින් සිටි දුමින්ද සිල්වා මහතා පසුගිය වසරේ ජූනි මස 24 වැනිදා ජනාධිපති සමාව ලබා නිදහස් විය.
භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු තිදෙනකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරපු කර්ම ඵලදෙනවාමයි. දිට්ඨ ධම්ම වේදනීය කර්මය.
අරයා මේපාරත් ගෙදරට අදින ඇදුම පිටින් ජයවර්ධනපුර හොස්පිටල් දුවයිද දන්නෙනැහැ යාලුවා බේරාගන්න.
මේ සතියේ ජවනිකාව
එලියෙ උන්නොත් අනතුරක් වෙයි කියල ආරාව දෙන්න වෙන්න අති.
කාගෙන් බේරුනත් කර්මයෙන් බේරෙන්න බෑ
යුක්තිය සහ සාධාරණය උසාවියෙන් සිදු වේ යයි බලාපොරොත්තු වෙනවා.
ජනපති සමාව දුන්නු එක්කෙනෙක් නැවත අතඩංගුවට ගන්නකොට චොදනා ඔප්පුවෙල හිරෙට නියම වුන තව කෙනෙක් ඇප මත නිඩහස් වෙනව. තව විහිලු නැද්ද අපිට චූන් වෙන්න
මේක මහා අපූරු රටක් සාමාන්‍යයෙන් අපස්මාරයට වෙදකම් කරන්නේ ස්නායු විශේෂඥයෝ මිසක් ස්නායු ශල්‍ය වයිද්යවරු නෙමි. මේ හාදය ගේ අපස්මාර තත්වයට ප්‍රතිකාර කරන්නේ වයිද්‍ය ආචාර දර්ම පාවාදීල නම කැතකරගත් එක්තරා වයිද්‍ය වරියක් මෙයා මොකද එතෙන්ටම ගියේ ? මෙයාට සල්ලි නැති හින්ද නෙමි නෙව අනික අපස්මාරය සඳහාම ප්‍රතිකාර කරන එකම ප්‍රගුණ කරලා ලෙඩ්ඩුන්ට මහත් සේවයක් කරපු විශ්ශ්ඥ වයිද්යවරියක් ( මෙයාටවයිද්යවරියක්ම ඕන නම් මේ රටේ ඉන්නවා ඇයි අතෙන්ටම යන්නේ ? ආපහු එයාට කියල සිංගප්රු යන්නද?
යුක්තිය ඉටුවිය යුතුයි