(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ගර්භනී මවුවරුන්ට සහ ඇතැම් රෝගීන්ට ලබාදෙන ෆෝලික් ඇසිඩ් පෙති( folic acid tablets BP1mg) කෝටි 55,245 කට වැඩි ප්‍රමාණයක් (මිලියන 552,452) තත්වයෙන් අසමත්වීම හේතුවෙන් ඉවත් කර ඇතත් ඒවා ඒ වනවිටත් රෝගීන්ගෙන් සියයට 98 කට ලබාදී තිබූ බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අලුත්ම වාර්තාවේ සඳහන් වේ.
එම වාර්තාවේ දැක්වෙන අන්දමට මෙම පෙති මිලදී ගෙන ඇත්තේ 2013,2014 සහ 2015 යන වර්ෂ සඳහාය.
ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටියකට ආසන්නය.
මේ අතර රුපියල් ලක්ෂ හතළිහකට ආසන්න වටිනා එන්නත් තොගයක් තත්වයෙන් අසමත්වීම හේතුවෙන් භාවිතය අත්හිටුවන ලෙසට 2016 වර්ෂයේදී චක්‍රලේඛය නිකුත් කරන විටද එහි ජීව කාලය අවසන්වී තිබූ බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තොරතුරු අනාවරණය කරගෙන ඇත.
කෙසේ වෙතත් මෙහි ඇති විශේෂත්වය නම් එම එන්නත්වලින් සියයට 99ක් ඒ වන විටත් පාවිච්චි කර අවසන්වී තිබීම බව එම කාරක සභාව පවසයි.
කෝපා කාරක සභාවේ දී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානීන් පැවසුවේ ඖෂධය ලැබුණු වහාම තත්වයෙන් අසමත් බව හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් පවතී නම් අලාභය සැපයුම්කරුවන්ගේ ඇපකරයෙන් අයකරගැනීමට හැකියාව ලැබෙන බවයි.
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඖෂධ 60ක තත්ත්ව පරීක්ෂාව සිදු කළ හැකි නම් මෙම තත්වය තරමක් දුරට හෝ මඟහරවා ගත හැකි බවද ඔවු එම කමිටුවට පෙන්වා දුන්හ.
මෙම අයකිරීම්වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් මසක් ඇතුළත යොමු කරන ලෙස කාරක සභාව නිලධාරීන්ට නිර්දේශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝප් කමිටුව මගින් මෙවන් දුෂණ හා වංචා සම්බන්ධයෙන් අනාවරණය කිරීම පමණක් නොව ඉන් ඔබ්බට ගොස් මේවාට සම්බන්ධ මජරයින්ට නීතිමය පියවර ගනිමින් දැඩි දඬුවම් පැමිණ වීමට කටයුතු කිරීමේ අවස්ථාවක් විය යුතුයි...
ලංකාවට කිට්ටු රටවලින් එන බොහෝ බෙහෙත් ප්‍රමිතියෙන් බාල බෙහෙත්... ලංකාවේ නිපදවන බෙහෙත්වල ප්‍රමිතියක් තිබෙනවා..
ය් මුන් ට ගහන්නෙ නැැතිහෙන මොකටද. ෆෝලික් ඇසිඩ් අනිවර්යෙන් අවශ්‍යයි දරුවගෙ මොලයෙ සහ වර්දනයට. ඇපෙ රටෙ පොශ ජනක කෑම ලබාගන්න අපහසු නිා ඔය පෙති ටික ගන කොච්චර විස්වාසෙකින්ද අම්මල බොන්න ඇත්තෙ.. දැන් ඉපදෙන හැම දරුවම උන වර්දිතයෙක්..තොපිට යන්න වෙනම අපායක් හදන්න ඔන.
රජයේ රෝහල තුළ සේවය කරන්නා වූ වෛද්‍යවරුන් එම සේවාවෙන් පසුව පුද්ගලික ක්ලිනික් වෙත ගොස් සේවය කරන්නා වූ අවස්ථාවක එක රෝගියකුගෙන් රුපියල් 2000ක් හෝ වැඩිමුදලක් අයකරන බව දැනගන්නට තිබේ. එසේ වෛද්‍යවරුන් ලබගන්නා වූ මුදල් සඳහා රජයට ටැක්ස්/ බදු ගෙවීමට ක්‍රමයක් හඳුන්වා දියහැකියි. ලංකාවේ රජයේ රෝහල් පද්ධතිය පරිගණකගත කළයුතුවේ. එමෙන්ම රටේ සෑම පුද්ගලයකු සඳහාම මෙඩිකල් කාඩ්පතක් ලබාදීම කළයුතුවේ.