(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, නිලධාරීන්ට සේවකයන්ට සහ අමුත්තන්ට ප්‍රධාන ආහාර වේලෙන් පසු ලබා දෙන අතුරුපස ආර්ථික උද්ධමනය සැලකිල්ලට ගෙන එකක් දක්වා අඩු කර ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට ඒ පිරිස් සඳහා මේ දක්වා ලබාදී තිබූ අතුරුපස වර්ග සංඛ්‍යාව තුනකි.
පලතුරු ඇතුළු සියලු අමුද්‍රව්‍ය මිල ඉහළ ගොස් ඇති හෙයින් අතුරුපස වර්ග තුනක් සැපයීම දුෂ්කරවී ඇතැයි පාර්ලිමේන්තු ආපන ආපනශාලා අංශයේ ප්‍රකාශකයෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.
එසේම අධික මිල ගණන් නිසා ඇතැම් ආහාර වර්ග මිලදී ගැනීමද සම්පූර්ණයෙන්ම නවතා දමා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර පාර්ලිමේන්තුවේ සේවකයන්ට වාර්ෂිකව ලබාදෙන නිල ඇඳුම් ප්‍රමාණයද අඩු කර ඇතැයි වාර්තා වේ.
සෑම වර්ෂයකම නිල ඇඳුම් තුනක් මෙතෙක් ලබා දුන් අතර එය එකක් දක්වා අඩු කර ඇත.
ආර්ථික තත්වය නිසා නිල ඇඳුම් තුනක් සැපයීම දුෂ්කරවී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවැසීය.
පාර්ලිමේන්තුවේ ලිපි ද්‍රව්‍ය පාවිච්චියද ආර්ථික ප්‍රශ්නය සැලකිල්ලට ගෙන සියයට 50කින් පමණ අඩු කරගෙන ඇතැයි එහි නිලධාරීහු පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිගු ගලකට පෙර එවකට ගාල්ලේ මන්ත්‍රීවරයාව සිටි ‘‘දකුණේ කට වාචාල‘‘ නම් සුරතල් නමින් හැඳින්වූ ආචාර්ය විජයානන්ද මැතිතුමා කළ පරිදි, අපේ මැති ඇමැතිවරුන්ටත් ‘‘රාජකීය අමුඩෙන්‘‘ සැරසී මැති සබයට එන්න බැරිද? ඒත් පාර්ලිමේන්තුවේ සුළුතරයකු වූ මන්ත්‍රීවරියන්ට නම් මෙය ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා මගේ ආච්චි කියනවා...!
කපපු එකට පුන්නක්කු එකතු කරන්න...
මිනිස්සුන්ට එක වේලක් හොයාගෙන කන්න විදිහක් නැහැ... මෙයාලට අතුරුපස වර්ග 03ක්... දැන්නම් බයියන්ට සැප...