IMG-LOGO

ප්‍රමාණවත් පරිදි බස් රථ ධාවනය නොවීමෙන් මගීන්ට පීඩා

(නිමල කොඩිතුවක්කු)

ප්‍රමාණවත් පරිදි බස් රථ ධාවනය නොවීම හේතුවෙන් පාසල් දරුවන්, රැකියා සඳහා පිටත්ව යන පිරිස් සහ මගී ජනතාව අද (06) දිනයේ දැඩි පීඩාවට පත්වූහ.

බස්රථ නොමැතිවීම හේතුවෙන් මගී ජනතාව පැය ගණන් බස් නැවතුම් වල රැඳී සිටි අතර පැමිණි බස් රථ තුලද ගමන් කිරීමට නොහැකි ලෙස  විශාල මගී පිරිසක් දක්නට ලැබිණ.

මේ හේතුවෙන් ඇතැම් පිරිස් යළි නිවෙස් කරා ගිය අතර මාර්ගයේ ගමන් කළ පිරිස් පාසල් දරුවන් සඳහා ප්‍රවාහන පහසුකම් සලසනු දක්නට ලැබිණ.

ඩීසල් හිඟය හේතුවෙන් පෞද්ගලික බස්රථ ධාවනය ඊයේ දිනයේ සීමා වූ බව මේ පිළිබඳ  සිදුකළ විමසීමකදී සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා ප්‍රකාශ කළේය.

ඊයේ දිනය තුළ පෞද්ගලික බස් රථ  ධාවනය වූයේ 5000 කට අඩු සංඛ්‍යාවක්බවත් ඔහු සඳහන් කළේය.

මගී ප්‍රවාහන කටයුතු සඳහා එම බස් රථ ප්‍රමාණය කිසිසේත්ම සෑහීමකට පත්නොවූ බවත් ඔහු තවදුරටත් කීවේය.

ඩීසල් හිඟය උග්‍රවීම හේතුවෙන් හෙට දිනය තුළ බස් රථ ධාවනය තදුරටත් සීමා වනු ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

ලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා දීම සිදුවුවත් එහිදීද අඩුපාඩු පවතින බවත් මේ සම්බන්ධයෙන් විශය බාර අමාත්‍යවරයා දැනුවත් කළ බවත්  විජේරත්න මහතා තවදුරටත් කීවේය.



අදහස් (1)

ප්‍රමාණවත් පරිදි බස් රථ ධාවනය නොවීමෙන් මගීන්ට පීඩා

swene Tuesday, 07 June 2022 07:57 AM

ඉකුත් දශක 5ක පමණ කාලය තුලදී, හිතුමතේ පුද්ගලිකව වාහන ගෙන්වීමට ඉඩදීම දුම්රිය සහ පොදූ ප්‍රවාහනය අඩාළ කිරීම මෙන්ම ඒ තුලින් තෙල් සහ අනෙකුත් අවශ්‍යතා සඳහා වාර්ෂිකව විශාල වශයෙන් විදේශ විනිමයද වැය කිරීමේ අමනෝඥ ප්‍රතිපත්ති නිසා අද සියල්ල කඩා වැටි ඇත.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 373 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 267 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site