
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගුවන් තැපැල් සේවය තාවකාලිකව අත්හිටුවූ බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගුවන් තැපැල් අයිතම රැගෙන ගිය රුසියානු එරෝෆ්ලොට් ගුවන් සමාගම ශ්‍රී ලංකාව වෙත සිදුකරන සිය ගුවන් ගමන් නැවත දැනුම්දෙන තුරු අත්හිටු වීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට සිදු වූ බව තැපැල් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.