
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර වෙහෙරහේන දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත ගේට්ටු වසා නොතැබූ අවස්ථාවේ එම ස්ථානය පසු කිරීමට නියමිතව තිබූ සාගරිකා සීඝ්‍ර ගාමී දුම්රියේ රියැදුරාගේ විමසිලිමත්කම නිසා සිදුවන්නට ගිය අනතරු වැලක් වළක්වා ගැනීමට අද අලුයම හැකි විය.
දුම්රිය හරස් ගේට්ටුව වසා නොමැති බව දුරතියා අවබෝද කරගත් සාගරිකා දුම්රිය රියැදුරා වාහා දුම්රිය නතර කර ඒ ගැන විපරම් කර ඇත. පසුව සොයා බැලීමේදී දුම්රිය ගේට්ටුකරු නොමැති බව දැන ගැනීමෙන් පසු දුම්රිය සහායක ගේට්ටුවේ ආරක්ෂාවට යොදවා මාර්ගය දෙපස වාහන නතර කර දුම්රිය ධාවනයට අවශ්‍ය වටපිටාව සලසා ගත්තේය.
මේ සම්බන්ධයෙන් සාගරිකා දුම්රියේ රියැදුරා මේ සම්බන්ධයෙන් මාතර දුම්රිය ස්ථානය දැනුම්වත් කර ඇත.
මේ නිසා සාගරිකා දුම්රිය මිනිත්තු පහක කාලයක් ප්‍රමාද වී ධාවනය වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් පැවැත්වෙන බව දැන ගන්නට ඇත.
මේ අතර වෙහෙරහේන දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත ගේට්ටුකරු මාතර දුම්රිය ස්ථානයට දුරකතන ඇමතුමක් දී යතුරු පැදියේ පෙට්‍රල් අවසන් වු නිසා අතරමඟ නතර වි ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරයා දැනුම්වත් කර ඇත.

2025 නොවැම්බර් මස 04
514
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගේට්ටුකරු ඉන්ධන නැතිව අතර මඟ:දුම්රිය ගේට්ටුව ළඟ
කිරි පුතා Monday, 06 June 2022 02:27 PM
එම රියදුරාට අනතුරක් වළක්වා ගැනීම නිසා මහත්සේ සලකන එක පැත්තක දමා දඬුවම් කරයිද දන්නේ නෑ. ඒක තමයි අපේ රටේ නීතිය...!
swene Monday, 06 June 2022 03:04 PM
ඉන්ධන නොමැති වීමෙන්, වාහන තෙල්වර්ග අමතර කොටස් යනාදිය නොමැති වීමෙන් මග තොටදී වියහැකි අනතුරු වැඩිවීමේ අවදානමක පෙර නිමිත්තකි. එබැවින්, අප සැවොමත් විමසිල්ලෙන් කටයුතු කිරීම ඉතා වැදගත්ය. සෞඛ්‍ය අංශයේද අඩුපාඩු ඇතිනිසා වඩාත් පරිස්සම් විය යුතුයි...
අමා Monday, 06 June 2022 03:10 PM
දැන් දොස්තරලාත් පටන් ගනියි. වෙලාවට ඔපරේෂන් එකට එන්න බැරි වුනේ පෙට්‍රල් නැතිව මග හිටිය නිසා කියලා...!
NuwanMonday, 06 June 2022 05:00 PM
ඇත්තටම වෛද්‍යවරු එහෙම කළ යුතුයි හරිනම්. මේ සියලු ප්‍රශ්න වලට මුල වූ හොරු රැළ.. එළවලා දාන්න.. එකා වගේ එකතු නොවී තාමත් අරයා කරයි, මෙයා කරයි කියලා අනිත අය අරගල කරලා දිනවලා දෙනකම් බලාඉන්න නිවට බහුතර ජනතාවක් ඉන්න නිසා තමයි මෙහෙම වෙන්නේ. ඊට නොදෙවෙනි ආරක්ෂක අංශ.. හොරු රැකීමට උපන් අය... දිවුරලා තියෙන්නේ...
saman Tuesday, 07 June 2022 09:28 AM
වගකීම් විරහිත ගේට්ටුකරුවෙක්
ruwan Tuesday, 07 June 2022 12:26 PM
අඩ අපේ රට අගාදයට වැටී ඇත්තෙ මෙම ගෙට්ටු කරු වගකීම් විරහිතව තම රජකාරිය පහර හරියා වගෙම අනෙත් අයද තම තමන්ගෙ රැකියා නිසිපරිදි නොකර නිදහසට හෙතු කියමින් රාකාරි පැහැරහැරීීම්ය