(ඩයනා උදයංගනී)
ප්‍රධාන මාර්ගයේ ධාවනය වන දුම්රිය කිහිපයක් අද (6) පස්වරුවේ අවලංගු කිරීම හේතුවෙන් මගීහු දැඩි පීඩාවට පත්වූහ.
කොළඹ කොටුව සිට වේයන්ගොඩ දක්වා පස්වරු 6.15 ටත්, කොළඹ කොටුව සිට පොල්ගහවෙල දක්වා පස්වරු 6.45 ටත් ධාවනය වන දුම්රියන් අවලංගු කර තිබූ අතර පස්වරු 6.35 ට කොළඹ කොටුවෙන් පිටත්ව රඹුක්කන බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය සෑම දුම්රිය ස්ථානයකට නැවැත්වීමට පියවර ගෙන තිබිණි.
මේ හේතුවෙන් එම දුම්රියේ දැඩි තදබදයක් පැවති අතර නිවෙස් බලා ගමන් කළ කාර්යාල සේවකයන් ඇතුළු මගීහු දැඩි පීඩාවට පත්වූහ.
එමෙන්ම පස්වරු 5.45ට මහනුවර බලා ධාවනය වන දුම්රිය ද කාර්මික දෝෂයක් හේතුවෙන් ප්‍රමාද වී ගමන් ආරම්භ කළ අතර එය ගම්පහ දුම්රිය ස්ථානයේදී යළි කාර්මික දෝෂයකට ලක්වූ බව වාර්තා විය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
දුම්රිය අවලංගු වී මගීහු පීඩාවට