(යොහාන් භාසුර)
වාහන ටයර් සහ අමතර කොටස් මිල සියයට 100 කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යෑමෙන් පොදු ප්‍රවාහන ඇතුළු සමස්ත ප්‍රවාහන සේවය කඩා වැටී ඇතැයි ප්‍රවාහන සේවයේ ව්‍යාපාරිකයෝ පවසති.
මේ අතර බැටරි සහ ලිහිසි තෙල් මිල ද දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇති බව ද ව්‍යාපාරිකයෝ කියති.
රුපියල් 50,000 ක්ව පැවැති බස් රථ ටයරයක් මේ වන විට රුපියල් 75,000 ත් 80,000 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එම මිලට වඩා මිලෙන් අධික බස් රථ ටයර් ද ඇති බවත් ව්‍යාපාරිකයෝ සඳහන් කරති.
මාස හයකට පමණ පෙර රුපියල් 21,000 ක්ව පැවැති දේශීය නිෂ්පාදිත ලොරි රථ ටයරයක් (700 - 15 ප්‍රමාණය) මේ වන විට රුපියල් 34,000 ත් 40,000 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ආනයනික ටයරයක් රුපියල් 45,000 කට අධික මිලකට අළෙවි වන බවත් ව්‍යාපාරිකයෝ කියති.
මීට මාස 6 කට පමණ පෙර රුපියල් 9,500 ක්ව පැවැති ‘ඩැග් ටයර්’ හෙවත් නැවත පිරවූ ටයර් මේ වන විට රුපියල් 16,000 ක් දක්වා මිල ඉහළ ගොස් ඇති බව ද වාහන හිමියෝ පවසති.
කාර් රථ ටයර් ඒ ආකාරයෙන්ම ඉහළ ගොස් ඇති බවත් බහුලව පාවිච්චි කරන ‘ඇල්ටෝ’ සහ ‘වැගන්ආර්’ යන කාර් රථ ඇතුළු කාර් රථ ටයර් මීට මාස හතරකට පමණ පෙර රුපියල් 9,000 ත් 12,000 ත් අතර මිල පැවැති ද මේ වන විට ටයරයක මිල රුපියල් 16,000 සිට 20,000 දක්වා බහළ ගොස් ඇති බවත් ටයර් වෙළෙන්දෝ සඳහන් කරති.
ත්‍රිරෝද රථ ටයර් ද පසුගිය අප්‍රේල් මස මැද භාගයෙන් පසුව රුපියල් 1000 කට අධික මුදලකින් ඉහළ ගොස් ඇති බව කී ටයර් ව්‍යාපාරිකන් සඳහන් කරන්නේ රුපියල් 3,400 ක්ව පැවැති ත්‍රිරෝද රථ ටයරයක් වන විට රුපියල් 4600 සිට 5000 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්ය.
ත්‍රිරෝද රථ ‘ඩැග් ටයර්’ හෙවත් නැවත පිරවූ ටයර් මිල ද රුපියල් 500 කින් පමණ ඉහළ ගොස් ඇති බව පවසන ව්‍යාපාරිකයන් සඳහන් කරන්නේ මීට මාසයකට පමණ රුපියල් 700 ක් වූ ටියුබ් එකක් මේ වන විට රුපියල් 1500 කට අළෙවි කරන බවයි.
සියලුම වාහනවල අමතර කොටස්වල මිල ද මේ වන විට දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇති බවත් මීට මාස 6 කට පෙර රුපියල් 3000 කට මිලදී ගත් රේසරයක් මේ වන විට රුපියල් 9,000 ක් බවට පත්ව ඇති බවත් ව්‍යාපාරිකයෝ කියති.
මෙම තත්වය හේතුවෙන් ප්‍රවාහන සේවා ව්‍යාපාරයේ නිරතව සිටින බොහෝ පිරිසක් එම ව්‍යාපාරයෙන් ඉවත්වීමට පියවර ගෙන තිබේ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
වාහන අමතර කොටස් මිල ඉහළ යාමෙන් පොදු ප්‍රවාහනය අනතුරේ