(විමුක්ති එස් රුද්‍රිගු)
ජංගම දුරකථනයක් සම්බන්ධ ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙක් තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඊයේ (7) ඝාතනය කර ඇතැයි රාගම පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 55 ක සුමිත් නැමැති ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31 ක වැලිපිල්ලෑව පොකුණ හන්දියේ පදිංචිකරුවෙකු බව රාගම පොලිසිය පැවසුවේය.
මියගිය පුද්ගලයාගේ දියණිය සහ සැකකරු අතර ප්‍රේම සම්බන්ධයක් තිබී ඇති අතර මියගිය පුද්ගලයාගේ ජංගම දුරකථනය නැති වූ අවස්ථාවේ තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමග මියගිය පුද්ගලයා ඒ පිළිබඳ සෙවීම සඳහා සැකකරුගේ නිවසට ගොස් ඇත.
එම අවස්ථාවේ සැකකරු නිවසේ තිබූ තියුණු ආයුධයකින් මියගිය පුද්ගලයාට පහරදී තිබේ.පහර දෙන විට සහායට පැමිණි පුද්ගලයන් දෙදෙනා දිවගොස් ඇති බවත් ඔවුන්ටද සැකකරු පහරදී ඇති බවත් මූලික විමර්ශන වලදී අනාවරණය වූ බව රාගම පොලිසිය ප්‍රකාශ කළේය.
මියගිය පුද්ගලයා නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවත් ඔහුගේ බිරිඳ නීති විරෝධී මත් ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් සිරගත වී සිටින බවත් සැකකරුද කලක් මොවුන් සමග මත් ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයෙකු බවත් රාගම පොලිසිය විමර්ශන කටයුතු වලදී අනාවරණය කරගෙන ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු මරලා