(සිතුම් චතුරංග)
කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ පාසල් සිසුන් 25 දෙනකු දෙබරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් රෝහල්ගත කළ බව කිලිනොච්චිය රෝහල් ආරංචි මාර්ග පවසයි.
පාසල් නිමවන අවස්ථාවේදී පාසලේ තිබූ එක් දෙබර කූඩූවක් ඇවිස්සී සිසුන් දෙබර ප්‍රහාරයට ලක්ව තිබේ.
දෙබර ප්‍රහාරයටලක්වූ දරුවන් 11 දෙනකු කිලිනොච්චිය මහ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන අතර සෙසු දරුවන් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බවද රෝහල් ආරංචි මාර්ග පැවසූහ.
රෝහල වෙත ඇතුලත් කළ දරුවන්ගේ තත්වය බරපතල නොවන බවත් ඇතැමුන් කම්පන තත්වය හේතුවෙන් රෝහල් ගතකොට ඇති බවද කීය.
කිලිනොච්චිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ එකකය ඇතුළු ආයතන කිහිපයක් එක්ව දෙබරුන් පලවා හැරිම හා දෙබර කූඩු විනාශ කිරීමට පියවරගත් බවද කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පැවසීය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
දෙබර ප්‍රහාරයෙන් සිසුන් 25ක් රෝහලට