(යොහාන් භාසුර)
වී කිලෝවක් රුපියල් 300කට අධික මිලකට රටපුරා අලෙවි වන බව වාර්තා වේ.
ඉදිරියේදී ආහාර හිඟයක් ඇති වේ යැයි බියෙන් ජනතාව වී තොග රැස්කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවත් අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක වල ගොවීහු තමන් සතුව ඇති වී තොග අලෙවි නොකරන බවත් දැනගන්නට තිබේ.
එම දිස්ත්‍රික්ක වලට පිට පළාත් වලින් ජනතාව පැමිණ පෞද්ගලිකව වී මිලදී ගැනීම සිදුකරන බවත් ගොවියෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මිනිස්සු හැමදේම දෙනකම් බලාගෙන ඉන්නවා...! අද ලංකාව කියන්නේ ණය වටකරගත් පාවෙන තෙල්වල නැවක්...! හැබැයි පෙළපාලි යන වැඩිවුණු "කිලෝ" ගාණ තවම සඳහන් වුනේ නැහැ නේද?
අනේ පව් දුප්පත් ජනයා. ඇති හැකි අය වැඩි මිලට වී තොග රැස්කරයි නැති බැරි අය කුමක් කරන්නද?
මට අහන්න තියෙන්නේ ගුරුවරුන්ට දැන් සැපද? පෙලපාලි ගිහින් ඉවරද කියලයි...?
මේ මෝල් කරුවන් සහ සහල් ව්‍යාපාරිකයින් පොහොසත් කිරීමට ගහන ගේම්... සහල් ආනයනය කොට මෙම සහල් මාෆියාව බිඳ දැමීමට කටයුතු නොකිරීමෙන් සහල් මෝල් කරුවන් සහ සහල් ව්‍යාපාරිකයින් පවසන ආකාරයට නොබෝ දිනකින් අවම සහල් කිලෝවක් රුපියල් 500ක් පනීවි... මෙලෙස කටයුතු කිරීමට නම් රජයක් සහ ඇමතිවරුන් කුමකටද? වහාම රටේ ජනතාව ගැන සිතා කටයුතු කළ යුතුයි...
300ක් දීලා වී ගන්න තරම් මෝඩයිද? ගොවියාට නම් හොඳයි. දැන් මහ කන්නයත් වැඩ කරනවා. මෝඩ වැඩ කරන්න එපා. වී 300ට ගත්තොත් පසුතැවෙන්න වෙයි. එහෙම වී හිඟයක් එන්නේ නැහැ. අපි ගොවියන්... මගේ කුඹුරු අක්කර 3.25ක් දැනට පැල ගොයම...
මේ කාලකණ්ණි ආණ්ඩුව රටට සාපයක්.. තොලොංචි වෙලා ගිය දවසට තමයි රටට සෙත...