(අංජුල මහික වීරරත්න)
දිවයින පුරා වගා නොකර අත්හැර දමා ඇති සියලුම කුඹුරු ඉඩම් ආහාර බෝග වගා කිරීම සඳහා වසර පහකට පවරා ගැනීමේ වැඩ පිළිවෙළක් අරඹන බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
දැනට වගා නොකර අත්හැර ඇති කුඹුරු ඉඩම් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් හඳුනාගෙන ඒවා ඉඩම් නොමැති පුද්ගලයින්ට වසර පහකට වගා කිරීම සඳහා පවරා දෙන බව කී අමාත්‍යවරයා එහිදී වගා කිරීමට ඉඩම් නොමැති හා ඒ සඳහා කැමැත්තක් දක්වන තරුණ ප්‍රජාවට ප්‍රමුඛත්වය දෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
බොහෝ පුරන් කුඹුරුවල අයිතිය තිබෙන පුද්ගලයින් විදේශ ගතව සිටින අතර තවත් සමහරුන් ශ්‍රම හිඟය නිසා එම කුඹුරු අස්වද්දන්නේ නැතැයි ද දැනට ගණන් බලා ඇති පරිදි දිවයින පුරා පුරන් කුඹුරු හෙක්ටෙයාර් ලක්ෂයකට වැඩිය තිබෙන බවද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගා නොකොට අතහැර දමා ඇති ඉඩම් වගා කිරීමට පවරා ගන්නා බවට කලින් කළට ප්‍රකාශ කළද මෙය ක්‍රියාත්මක වීමක් මෙතෙක් සිදු නොවීය. හරියට ක්‍රියාත්මක කරන්නේ නම් ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් පවරා ගෙන වගාවන් සඳහා යොදාගැනීම සුදුසුවනු ඇත.
තරුණයෝ රට බාරගන්න පළමු සාර්ථක ලෙස කුඹුරු වපුරලා ආර්ථිකය ජයගෙන පෙන්වන්න. එතකොට මඩ සෝදා රජකමේ තියන්න පුළුවන්. හැබැයි කුඹුරු කෙරිල්ලේ උපදෙස් වැඩිහිටි අයගෙන් ගන්න වුණොත් රට පාලනයේදීත් ඒ ටිකම කරන්න වෙනවා...
මේක නැති ප්‍රශ්නයක් හදන වැඩක්.. කුඹුරු වවන්න මිනිස්සුන්ට අවශ්‍ය සහාය දුන්නානම් ඇති. මිනිස්සු කුඹුරු නොකරන්නේ... තෙල්, පොහොර නැති නිසා, වතුර නැති නිසා, ශ්‍රමය සොයාගන්න බැරි නිසා, බීජ ප්‍රශ්න නිසා... ඒවා විසඳන්න ඕනෙ ඉඩම් අයිතිය සම්බන්ධ ගැටලුවක් නෑ.
හරිනම් මුලින්ම කරන්න තියෙන්නේ දේශපාලුවන් ටිකට අමුඩ ගස්සලා කුඹුරට බස්සන එක...!
කුඹුරට බැස්සීමට මාර ඩයල් ටිකක් ඉන්නවා දියවන්නාවේම...