සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවට එකවර සහභාගී විය හැකි දහම් සිසිලස වැඩ සටහනක් ජූනි මස 18 සෙනසුරා දා ස්විස්ටර්ලන්තයේ ජිනීවා ජාත්‍යාන්තර බෞද්ධ මාධ්‍යස්ථානයේදී හා ස්වීඩනයේ සමාධි බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ජූනි මස 18 වැනි දා පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වා විකාශනය කිරීමට කටයුතු යොදා ඇත.
යුරෝපයේ ධර්ම ප්‍රචාරණ කටයුතුවල යෙදී සිටින ප්‍රසිද්ධ භික්ෂූහු පිරිසක් මෙම කටයුතු මෙහෙයවති.
ස්විස්ටර්ලන්තයේ ප්‍රධාන සංඝනායක ජිනීවා ජාත්‍යාන්තර බෞද්ධ විහාරාධිපති ආචාර්ය තවලම ධම්මික හිමියන් මෙහෙයවන භාවනා වැඩසහටහන පෙරවරු 9.30 ආරම්භ වෙයි. බොරැල්ලේ අතුල හිමියන් මෙහෙයවන ධර්ම දේශනයක් පස්වරු 1.30ට පැවැත්වෙයි.
ස්වීඩනයේ සමාධි බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ උඩගම නාරද ස්ටෝක්හොම් නුවර බෞද්ධ මධ්‍යස්ථානයේ මාතලේ ධම්මක්ඛන්ද සහ ඩෙන්මාර්ක් බෞද්ධ විහාරයේ මාරතුගොඩ උපරතන යන හිමිවරු ආගමික වැඩසටහන් මෙහෙයවති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම ලස්සන නගරයකි ජිනීවා නගරය... පන්සල, ප්‍රංශය නගරයට ඇතුලුවන දේශ සීමාව ළඟ තියෙන්නේ... යුරෝපා රටවල සිට එන කෝච්චිය මෙතැන නවත්වනවා..! මානව හිමිකම් කවුන්සිලය තියෙන්නේ ජිනීවා ගුවන්තොටුපල ළඟයි..! එන්න ඔබ සැවොම එදාට අපි දහම් සිසිලස බෙදාගනිමු..!
යහමින් ගිනි පුළිඟු පතුරනවා වෙනුවට, දහම් සිසිල පතුරවනවා නම්, ඉතින් කොච්චර හොඳද? අඩු තරමේ ඒ රටවලවත්? ලංකාවේ නම් ඉතින් අපේ රහතන් වහන්සේලාත් මේ දවස්වල දෙසන්නේ දේශපාලනික කෘෂිකාර්මික බණ.. "ඔවුන් හොරා කනවාට විසඳුම තමයි, අපි වැව්වොත් අපි කනවා" අනේ මන්දා? රහතන් වහන්සේගේ බණ අහලාම මගේ මොලේ කොලොප්පන් වෙලා වගේ අනේ...! එක්කෝ මේ ලියවිල්ල පැත්තකින් තියලා හෙට ඉඳලා වගාම කරනවා මම..!
සාදු..! සාදු..! සාදු..! සෑම දෙයක්ම ඉම්පෝර්ට් කරන ඕකත් ඉම්පෝර්ට් කරන එක හොඳයි.