
(බී.ජී.චතුරංග සහා නුවන් කුමාර)
තඹුත්තේගම ලුණුවැවේ නෑමට ගිය තරුණයන් දෙදෙනකු ඊයේ පස්වරුවේ දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව තඹුත්තේගම පොලිසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගාල්ල අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි දහනව හැවිරිදි පසිඳු මධුෂාන් මෙන්ඩිස් අබේසේකර නමැති තරුණයකු හා එගොඩ මුල්ල, අහුංගල්ල ලිපිනයේ පදිංචිව සිටි කසුන් මධුසංඛ නැමති විසි හත් හැවිරිදි තරුණයෙකු බව පොලිසිය කියයි.
අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයන් දෙදෙනා තඹුත්තේගම ප්‍රදේශයේ පිහිටි තම මිතුරෙකුගේ නිවසට පැමිණ සිටියදී, ලුණු වැවේ දිය නෑමට ගොස් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබූ බව පොලිසිය කියයි.
අනතුර සිදුවූ අවස්ථාවේදී ප්‍රදේශවාසීන් එක්ව එම තරුණයන් දෙදෙනා තඹුත්තේගම මූලික රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර තිබුණු අතර රෝහල් ගත කරන අවස්ථාව වන විටත් ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබූ බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.ෙ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd