‘‘සරාන්ගෙ දෙදෙනකු ආණ්ඩුව නිදහස් කරලා‘‘ යහපාලන ආණ්ඩුවෙන් අත්අඩංගුවට ගෙන සිටි සහරාන් සමග වැඩ කළ දෙදෙනෙක් වත්මන් ආණ්ඩුව පැමිණ නිදොස් කොට නිදහස් කර ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 April 2022
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැක මන්ත්‍රී ගැන ප්‍රකාශයක් කරන්න පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි විපක්ෂයේ මන්ත්‍රී වරයාට විරුද්ධව නඩු දානවද? එසේ නැතිනම් ඔහු නිදහස් කරනවාද? යන්න වහා ප්‍රකාශ කරන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (21) පැවසීය. 21 April 2022
පාස්කු වින්දිතයන් වෙනුවෙන් මැති සබය නිහඬවෙයි පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයට ගෞරවය පළ කිරීම සඳහා මැති සබය විනාඩියක නිහඬතාවයක් ආරක්ෂා කළේය. 21 April 2022
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී රැස්වීමක් කැඳවයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (21)පෙරවරු 11 .30 ට පැවැත්වේ. 21 April 2022
‘‘අයුතු වත්කම් ඇත්නම් නඩු දමන්න‘‘ තම සියලු වත්කම් විගණනය කොට එහි වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. 21 April 2022
ව්‍යවස්ථා සංශෝධනයට යෝජනා කෙටුම්පත කතානායකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාල නව සංශෝධනය සදහා යෝජනා ඇතුලත් කෙටුම්පත සමගි ජන බලවේගය විසින් අද (21) කතානායකවරයා වෙත භාර දෙනු ලැබීය. 21 April 2022
පාස්කු ජනාධිපති කොමිසමේ නිර්දේශ කඩිනමින් පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තා නිර්දේෂ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය. 21 April 2022
සජිත්ගෙන් කාදිනල්තුමන්ට ලිඛිත පොරොන්දුවක් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් මෙන්ම ඊට සම්බන්ධ සියලූ පිරිස තම රජයක් යටතේ විනිවිදභාවයකින් යුතු ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් හරහා නීතිය හමුවට ගෙන එන බවට කාදිනල්තුමා ට ලිඛිත පොරොන්දුවක් අද ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 April 2022
හදිසි පක්ෂ නායක රැස්වීමක් අද හදිසි පක්ෂ නායක රැස්වීමක් අද (21) පස්වරු එකයි තිහට පැවැත්වෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුව ඇරඹුමේ දී නිවේදනය කළේය. 21 April 2022
චීන තානාපති විපක්ෂ නායක අතර හමුවක් ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhon මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිණි. 21 April 2022
ශ්‍රී ලන්කන් ප්‍රධානීහු කෝප් කමිටුවට වර්ජනය කරති ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධානීන්ට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප් ) හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණද ඔවුහු එම කමිටුව හමුවේ ඊයේ(20) පෙනී නොසිටියහ. 21 April 2022
දකුණට - බස්නාහිරට තද වැසි බස්නාහිර සහ දකුණු පළාත්වල අද(21) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 April 2022
මෙරටට හදිසි ආධාර දෙන්න ලෝක බැංකුව සූදානම් ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ඖෂධ,සෞඛ්‍ය උපකරණ ,පෝෂ්‍යදායි සැපයුම් සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් හදිසි ආධාර සැපයිය හැකි බව ලෝක බැංකුව පවසයි . 21 April 2022
ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500 ක අතිරේක මූල්‍ය ආධාරයක් ශ්‍රී ලංකාවට ඉන්ධන මිලදී ගැනීම සඳහා ඉන්දියාව අතිරේක ඩොලර් මිලියන 500 ක මූල්‍ය ආධාරයක් ලබා දෙන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය 21 April 2022
පාස්කු ප්‍රහාරය ගැන කාවින්දගෙන් වතිකානයට සංදේශයක් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී වසර 3ක් ගතවුවත් ප්‍රහාරයෙන් මිය ගිය සහ ඉන් බලපෑමට ලක්වූ වින්දිතයන් හට සාධාරණයක් ඉටු නොවීම සම්බන්ධයෙන් ඉතාලියේ වතිකාන් කාදිනල් ප්රියෙට්රෝ පැරලින් උන්වහන්සේ වෙත කරුණු දක්වා සංදේශයක් භාරදුන් බව සමගි ජන බලවේගයේ මානව හිමිකම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. 20 April 2022
ආණ්ඩුවේ දහතුනකගෙන් ජනපතිට ලිපියක් රටේ මතුව ඇති අර්බුදය විසඳීම සඳහා සියලු පක්ෂ සමග එක්ව අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දහතුන් දෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ. 20 April 2022
විශ්වවිද්‍යාල සිසු සිසුවියෝ ගාලුමුවදොරට යති ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත්වන ලෙස බලකරමින් ගාලුමුවදොරදී පැවැත්වෙන විරෝධයට සහය දක්වමින් රජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල සිසු සිසුවියෝ කොළඹ විහාරාමහා දේවී උද්‍යානයේ සිට පෙළපාලියකින් අද (20) පස්වරුවේ ගාලුමුවදොරට පැමිණියහ. 20 April 2022
තරුණ මාධ්යවේදීයෝත් පා ගමනින් ගාලු මුවදොරට ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉවත් වන ලෙස බලකරමින් කොළඹ ගාලුමෝදර පැවැත්වෙන අඛණ්ඩ විරෝධතාවයට සහය දැක්වීම සඳහා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද පා ගමනක් හා උද්ඝෝෂණයක් අද 20 පැවැත්විණි 20 April 2022
හික්කඩුවෙන් ගාලු පාර වහලා ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හික්කඩුව තිරාණගමින් ටයර් පුළුස්සා ප්රදේශවාසින්ගේ විරෝධතාවයක් නිසා මේ වනවිට එම මාර්ගයේ ගමනා ගමනයට බාධා පැමිණ තිබේ. 20 April 2022
රග්බි තහනම ගැන සොයන්න ආසියානු රග්බි නිලධාරියෙක් එයි ශ්‍රී ලංකා රග්බි සංගමය තහනම් කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ගත් පියවර පිළිබඳව කරුණු සොයා බැලීමට ආසියානු රග්බි සංගමය නියෝජනය කරමින් රග්බි සංවර්ධන උපදේශකවරයෙක් වන බෙන්ජමින් වෑන් රූයන් මහතා අද (20) ශ්‍රී ලංකාවට පැමිණියේය. 20 April 2022
ආසාදිතයෝ 61ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතයින් තව 61 දෙනකු අද (20) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 20 April 2022
රඹුක්කන දැන් සන්සුන් ඉන්ධන මිළ ඉහළ දැමීමට විරුද්ධව රඹුක්කන නගරයේ දී ඊයේ (19) හටගෙන තිබු කළහාකාරි සිද්ධියෙන් පසු එම පොලිස් බල ප්‍රදේශයට පනවා තිබු පොලිස් ඇදිරිනීතිය හේතුවෙන් ප්‍රදේශය සාමාකාමී තත්ත්වයක් හටගෙන තිබිණි. 20 April 2022
ජනපතිට - පාර්ලිමේන්තුවට මහ නායක හිමිවරුන්ගේ අප්‍රසාදය රට තුළ පවතින ආර්ථික අර්බුදයට විසදුම් ලබාදීමට කටයුතු නොකරන්නේ නම් ත්‍රෛනිකායික මහා සංඝරත්නය එක්වි සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත් කිරීම කටයුතු කරන බව බව ත්‍රෛනිකායික මහා මහා නායක හිමිපාණන් වහන්සේලා ගේ අත්සනින් යුතුව රජයට අද හවස විශේෂ ලිපියක් නිකුත් කළහ . 20 April 2022
පානදුර විරෝධතාකුරුවන් පළවා හරිති පානදුර නගරයේ ගාලුපාර අවහිර කරමින් පවත්වාගෙන ගිය විරෝධතා පෙලපාලියට අද පස්වරුවේ ප්‍රදේශවාසීහු පිරිසක් කඩාවැදී විරෝධතාකරුවන් පලවා හැරීමට කටයුතු කළහ. 20 April 2022
මන්ත්‍රී නිපුණගේ නිවෙස ඉදිරිපිට විරෝධයක් මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතාගේ දෙනියාය කලුගලහේන ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිටට අද දහවල් විරෝධතාවක් පැවැත්විණි. 20 April 2022
‘‘නිරායුධ ජනයාගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දිය යුතුයි‘‘ නිරායුධ ජනතා විරෝධතාවලට ප්රචන්ඩත්වය, මර්ධනය සහ ආයුධ පාවිච්චි නොකර ජනතාවගේ ඉල්ලිම්වලට කන් දී රටේ ආර්ථිකය හදන වැඩපිළිවලක් සකස් කරන ලෙස ආණ්ඩුවට බලකරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා කොළඹදී අද (20) ප්‍රකාශ කළේය. 20 April 2022
ඉන්ධන දුම්රිය - බවුසර්වලට ගුවන් හමුදා ආරක්ෂාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඉන්ධන දුම්රිය සහ පිරවුම්හල්වලට ඉන්ධන සපයන බවුසර්වලට ආරක්ෂා සැපයීමට කටයුතු කරන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 20 April 2022
පාසල් වෑන් රථ ගාස්තුත් ඉහළට ඩීසල් මිල ඉහල දැමීමට සමගාමීව පාසල් වෑන් රථ ගාස්තු රුපියල් 2000ත් 2500ත් අතර අගයකින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ප්‍රධාන ලේකම් ලලිත් චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේය. 20 April 2022
රජ්‍ය අමාත්‍යවරු තිදෙනෙක් දිවුරති නව රාජ්‍ය අමාත්‍යවරු 04 දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ඊයේ දිවුරුම් දුන්හ. 20 April 2022
පැය 3 ක විදුලිය කප්පාදුව දික්වෙයි විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට සහ අනිද්දා (21 සහ 22) සියලුම කළාපවලට පැය 3 යි මිනිත්තු 20 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය අද (20) පස්වරුවේ පැවසීය. 20 April 2022
සුහද ක්‍රිකට් තරගාවලියට පැමිණි රියදුරෙක් මරුට නව වසර උදාව සමරමින් ත්‍රී රෝද රථ රියදුරන් පිරිසක් සංවිධානය කළ සුහද ක්‍රිකට් තරගාවලියකට සහභාගී වී සිටි ත්‍රීරෝද රථ රියැදුරකුට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇතැයි මාලඹේ පොලි.. 01 January 2026