ජනපති ලේකම් නිවෙස අසල ටයර් පුළුස්සා විරෝධයක් හක්මන නගරයේ උද්ඝෝෂණයක නිරතවූ පිරිස ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් මහතාගේ හක්මන කැබිලියපොල පිහිටි නිවස අසලට ගොස් විරෝධතාවයක නිරතවූහ. 19 April 2022
තෙල් සමාගම් එක්ව මිල සූත්‍රයක් ගේන්න යයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා ඉන්දීය ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී.) එක්ව ඉන්ධන මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් හදුන්වා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (19) පස්වරුවේ පැවසීය. 19 April 2022
පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තා ගැන ජනාධිපති නිතීඥ මොහාන් වීරකෝන් කියයි පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව ‘කුමන්ත්‍රණයක්’ බවට හිටපු නිතිපති දප්පුල ලිවේරා මහතා කළ ප්‍රකාශය හේතුවෙන් හිටපු නිතිපතිවරයා මහජන කැළඹීමක් ඇතිකිරීමට ප්‍රධාන වගකිවයුත්තා බවත්, පාස්කු ප්‍රහාරය ඇතිකිරීමේ ප්‍රධාන වගකිව යුත්තා නිලන්ත ජයවර්ධන මහතා බවත් ජනාධිපති නිතීඥ මොහාන් වීරකෝන් මහතා අද (19) ප්‍රකාශ කළේය. 19 April 2022
අවම ගාස්තුව 27යි: වැඩිම ගාස්තුව 2022 පනී ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්ෂව ඉහළ දැමූ සියයට 35 ක බස් ගාස්තුවත් සමඟ අන්තර් පළාත් බස් ගාස්තු 11 වැනි අවස්ථාව වන රුපියල් 76 රුපියල් 103 ක් දක්වා ඉහළ ගොස් තිබේ. 19 April 2022
සරසවි ආචාර්යවරු පා ගමනින් ගාලු මුවදොරට ජනතාවගේ හඬට ඇහුම්කන්දී දුර්දාන්ත පාලනය නිමකර ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ගෙදර යන ලෙස බලකරමින් විශ්ව විද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය සංවිධානය කළ විරෝධතා පා ගමනක් අද පස්වරුවේ කොළඹදී පැවැත්විණි. 19 April 2022
සුරේන් රාඝවන් ශ්‍රී.ල.නි.ප තනතුරුවලින් ඉවතට ආණ්ඩුවට සහය පළ කරමින් රාජ්‍ය අමාත්‍යධූරයක් ලබාගත් ආචාර්ය සුරේන් රාඝවන් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් කිරීමට එම පක්ෂය පියවර ගෙන ඇත. 19 April 2022
සහරාන්ගේ වාහනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක මෙසේ කියයි විශේෂ කාර්ය බළකාය වෙත අණුයුක්ත කර ඇත්තේ පාස්කු ප්‍රහාර මාලාවේ මුග්ධ අපරාධකරු වන සහරාන් හෂීම් භාවිතා කළ ජිප් රථයක් නොව කොල්ලුපිටිය සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ මොහොමඩ් ඊබ්‍රාහිම් ඉල්ෂාෆ් අහමඩ්ට අයත් ජිප් රථය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. 19 April 2022
රඹුක්කන ගැටුමින් අයෙක් මරුට: 27ක් රෝහලට රඹුක්කන නගරයේ සිදුවූ උණුසුම්කාරී තත්ත්වය අතර තුර එක් අයකු මියගොස් ඇතැයි කෑගල්ල රෝහලේ ප්‍රකාශකයෙක් කීය. 19 April 2022
හදිසි මානුෂීය ආධාර දීමට චීනය සූදානම් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට හදිසි මානුෂීය ආධාර ලබා දීමට චීන රජය තීරණය කර ඇතැයි චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා නියෝජිතායතනයේ ප්‍රකාශකයෙක් අද(19) ෂින්හුවා පුවත් සේවයට පැවසීය. 19 April 2022
බොර තෙල් මිල පහළට ලෝක බොරතෙල් වෙළඳපොළේ අද (19) බ්‍රෙන්ට් කෘඩ් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 111.5 දක්වා පහළ ගොස් තිබේ. 19 April 2022
කඩිනමින් ශ්‍රී ලංකාවට සහාය දියයුතුයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකාවට සහාය දිය යුතු යැයි ද කඩිනමින් මූල්‍ය සහාය සැපයිය යුතු යැයි ද ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාම් මහත්මිය පවසා ඇත. 19 April 2022
‘‘තට්ටු මාරු කළාට ගැටුළු විසැඳෙන්නේ නෑ‘‘ කැබිනෙට්ටුවේ උඩතට්ටුවේ සිටි අය පහළ තට්ටුවට දමා පහළ තට්ටුවේ සිටි අය ඉහළ තට්ටුවට දැමීමෙන් රටේ පවතින ගැටළු විසදෙන්නේ නැතැයි ඉන්ධන මිල ඉහළයාමෙන් මනාවට පැහැදිලි වූවේ යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. 19 April 2022
ගාලු මුව දොර විරෝධයෙදී 15ක් අනතුරුවලට ලක් වෙයි ජනාධිපතිවරයා ප්රමුඛ රජයට විරෝධය දක්වමින් ගාලුමුවදොර ආරම්භ කර ඇති නිර්පාක්ෂික විරෝධතායේ නිරතව සිටි පුද්ගලයන් 15 දෙනකු විවිධ අනතුරු වලට ලක්ව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව එම රෝහල් ආරංචි මාර්ග පවසයි. 19 April 2022
ගුවන් සමාගමේ ප්‍රධානීන් හෙට කෝප් කමිටුවට ගුවන්යානා තවත් විසි එකක් ලබාගැනීමට කටයුතු කරගෙන යන බවට පළවී ඇති වාර්තාව සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට(කෝප් ) හෙට (20) කැඳවන බව එම කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. 19 April 2022
ජනබලයේ ජනබලය කොළඹ දෙසට වත්මන් රජයට විරෝධය පා ජාතික ජනබලවේගය ආරම්භ කර ඇති පා ගමන මේ වන විට වැල්ලවත්ත නගරය පසුකරමින් ගමන් කරන බව වාර්තා වේ. 19 April 2022
සහරාන් ගේ වාහනය මම පාවිච්චි කරන්නේ නෑ සහරාන්ගේ වාහනය තමා පාවිච්චි නොකරන බවත් එය පොලිස් විශේෂ කාර්ය බලකාය බාරයේ පවතින බවත් මහජන ආරක්ෂක හිටපු අමාත්‍ය අද්මිරාල් සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. 19 April 2022
සහරාන්ගේ වාහනය සරත් වීරසේකර ළඟ? සහරාන් හෂීම් නමැති ත්‍රස්තවාදී නායකයාගේ වාහනය මහජන ආරක්ෂක හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා පාවිච්චි කරන බවට ආරංචියක් පැතිරෙන හෙයින් වීරසේකර මහතා ඒ ගැන පිළිතුරක් ලබාදිය යුතු බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. 19 April 2022
පාන් ගෙඩියක් 150ට යයි තිරිගු පිටි මිල ඉහළ දැමීම හේතුවෙන් පාන් ගෙඩියක මිල අද(19) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 30 කින් සහ සෙසු බේකරි නිහ්පාදන මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. 19 April 2022
බස් ගාස්තු සියයට 35කින් ඉහළට අවම ගාස්තුව රු. 27 ක් කොට බස් ගාස්තු 35% කින් ඉහළ දැමීමට අවසර හිමිව ඇතැයි පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි. 19 April 2022
සෞඛ්‍ය පද්ධතියම දැඩි අවධානමක ඖෂධ හිඟ ඇතුළු හේතු රැසක් නිසා රට තුළ බරපතල සෞඛ්‍ය අර්බුදයක් පවතින බවත් මෙම තත්වය ඉදිරි සති කීපයේදී උග්‍රවිය හැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා අද (19) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය. 19 April 2022
පා.මන්ත්‍රී දොලවත්තටත් කොවිඩ් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත මහතාට කොවිඩ් වැළදී ඇත. 19 April 2022
’’ජනතා ආණ්ඩුවක් බිහි කළ යුතුයි’’ ජනතාව ඉල්ලා සිටින ආකාරය ව්‍යුහයක් ඇති කරන්නේ නම් රටේ පාලන වගකීම භාරගැනීමට සූදානම් බවත් වසර එකහමාරක් තුළ ආර්ථිකය ශක්තිමත් කළ හැකි බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. 19 April 2022
බේකරි නිෂ්පාදන මිලත් ඉහළ යන ලකුණු පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල පිළිබඳව තීරණයක් ගැනීමේ විශේෂ සාකච්ඡාවක් අද (19) පස්වරුවේ පැවැත්වෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ‘ලංකාදීප’යට පැවසීය. 19 April 2022
කතානායක 225හේ සහය යළිත් ඉල්ලයි රටේ ප්රශ්නය විසඳීම සඳහා මවුබිමේ නාමයෙන් සහය ලබා දෙන්නැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සියලුම පක්ෂ නායකයන් ඇතුළු මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් පාර්ලිමේන්තුවේදී අද (19) පෙරවරුවේ ඉල්ලීමක් කළේය. 19 April 2022
බත් - කොත්තුවේ මිලත් ඉහළට ඉන්ධන මිල ඉහළ යෑම පිළිබඳව අවධානය යොමු කරමින් බත් පාර්ලසයක සහ කොත්තුවක මිල සියයට 20 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලාහිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි. 19 April 2022
පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තබයි රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා කතා කරමින් සිටියදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම බාධා කිරීම නිසා ඇති වූ උණුසුම් තත්ත්වය මත පාර්ලිමේන්තුවේ කටයුතු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් විනාඩි 10 කට කල් තබනු ලැබීය. 19 April 2022
225 ගෙදර යවන්න:මාතලේ ප්‍රා.සභාවේ දී එකහඬින් සම්මත වෙයි පාර්ලිමෙන්තුව තුළ සිටින මන්ත්‍රිවරුන් 225 දෙනාම ගෙදර යායුතු බවත් පළපුරුදු දක්ෂ පිරිසකට රට භාර දිය යුතු බවට වු යෝජනාවක් ඉකුත්දා පැවති මාතලේ ප්‍රාදේශිය සභා මාසික මහ රැස්විමේදි ඒකමතිකව සභා සම්මත විය. 19 April 2022
රාජපක්ෂවරු තිදෙනෙක් පසුපෙළට විසිවෙති අගමැති මහින්ද රාජපක්ෂ මහතා හැර එම පවුලේ අනෙකුත් සියළුම හිටපු ඇමතිවරුන් පාර්ලිමේන්තු සභා ගර්භයේ ආණ්ඩු පක්ෂ පසුපෙළ අසුන්වල සිටිනු දැකගත හැකිවිය. 19 April 2022
පිටි කිලෝවක් 40කින් ඉහළට ප්‍රිමා තිරිගු පිටි කිලෝවක මිල (19) දින සිට රු 40 කින් ඉහල දැමු බව එම සමාගම විසින් දිවයිනේ සියළුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දි ඇත. 19 April 2022
’’ගෝටා ගෝ හෝම්’’ මැතිසබයටත් එයි ආණ්ඩුවට විරෝධය දැක්වීම සඳහා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ගෝටා ගෝ හෝම් යනුවෙන් සඳහන් විරෝධතා පාඨයක් සඳහන් කළ පටියක් හිස්වල සහ අත්වල පටියක් පැළඳ පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණීමෙන් එහි උණුසුම් තත්වයක් අද (19) පෙරවරුවේ ඇතිවිය. 19 April 2022
සුහද ක්‍රිකට් තරගාවලියට පැමිණි රියදුරෙක් මරුට නව වසර උදාව සමරමින් ත්‍රී රෝද රථ රියදුරන් පිරිසක් සංවිධානය කළ සුහද ක්‍රිකට් තරගාවලියකට සහභාගී වී සිටි ත්‍රීරෝද රථ රියැදුරකුට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇතැයි මාලඹේ පොලි.. 01 January 2026