IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රුසියාවෙන් බොරතෙල් ගන්න සූදානමක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ජාත්‍යන්තර ආචාර ධර්ම සහ නීති උල්ලංඝනය නොකර සහන මිලට රුසියානු බොරතෙල් මිලදී ගැනීමට හැකියාව තිබේනම් ශ්‍රී ලංකාව ඒ සඳහා කටයුතු කිරීමට සුදානම් බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා වියෝන් පුවත් සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාකදී ප්‍රකාශ කළේය.

රුසියාව සහන මිලට බොරතෙල් ලබා දීම අනෙක් රටවලට ප්‍රශ්නයක් නොවන බවත් රුසියානු බොරතෙල් වෙළඳපොලෙන් ඉවත් කිරීමට කිසිම රටකට අවශ්‍ය නොවන බවත් සබ්රි මහතා පැවසුවේය.

පෙට්‍රෝලියම් නිෂ්පාදන, බොරතෙල්, ගල් අඟුරු, ධාන්‍ය වර්ග සහ පොහොර වල මිල ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකාවට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් ලෝක වෙළඳපොලේ තෙල් මිල ශ්‍රී ලංකාවට දැරිය නොහැකි බවත්  සබ්රි මහතා පෙන්වා දුන්නේය.ශ්‍රී ලංකාවෙන් සියයට 30 ක් කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියා වල නියුතු වන බව ඔහු ප්‍රකාශ කළේය.

රුසියානු බොරතෙල් වෙළඳපොලෙන් ඉවත් කළහොත් බොරතෙල් මිල ඉහළ යා හැකි බව සබ්රි මහතා පැවසුවේය.



අදහස් (1)

රුසියාවෙන් බොරතෙල් ගන්න සූදානමක්

පැරකුම් Saturday, 26 November 2022 02:06 AM

අදහස නම් අති විශිෂ්ඨයි. ඒත් ඉතිං කොමිස් නැතුව කොහෙ කරන්නද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 95 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site