(මනෝප්‍රිය ගුණසේකර)
කොළඹ වරායට ආසනන්යේදී ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ගිනිගැනීමේ සිද්ධිය සම්න්ධයෙන් ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ කපිතාන්වරයා ඇතුළු 08 දෙනෙකුට අධිචෝදනා බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විත්තිකරුවන් දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට ඊයේ (25) නියම කළේය.
රුපියල් ලක්ෂ 10 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත විත්තිකරුවන් මුදා හැරීමට නියම කළ විනිසුරුවරයා නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් ඇප තැබීමෙන් අනතුරුව සෑම මසකම අවසන් ඉරිදා රහස් පොලිසියට වාර්තා කිරීමේ කොන්දේසියක් පැනවු විනිසුරුවරයා නඩු විභාගය අවසන් වනතුරු අධිකරණයේ අවසරයකින් තොරව විත්තිකරුවන්ට විදේශ ගමන් තහනමක්ද පැනවීය.
අධිචෝදනා බාරදීමෙන් අනතුරුව මෙලෙස ඇප මත මුදා හරින ලද්දේ ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ කපිතාන්වරයා වු රුසියානු ජාතික ටියුට් කාලෝ විටැලි, නෞකාවේ දේශීය නියෝජිත ‘සී කොන්සෝටියම් ලංකා සමාගම එහි සභාපතිවරයා අධ්‍යක්ෂවරු ඇතුළු අට දෙනෙකි.
නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියහ.
විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනාා පත්‍ර බාරදුන් පසු ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ විනිසුරුවරයා මෙම නඩුව ලබන මස 09 වැනිදා යළි කැඳවීමටද නියම කළේය.
2025 දෙසැම්බර් මස 16
95
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘එක්ස්ප්‍රස් පර්ල්’ නැවේ කපිතාන් ඇතුළු 08කට ඇප