බස් සංගම් කෙදිරිගායි ඉන්ධන මිල ඇතුලු වියදම් ඉහළ යාම හේතුවෙන් ජූලි මාසයේදී සිදුවන වාර්ශික ගාස්තු සංශෝධනයේදි අවම බස් ගාස්තුව රුපියල් 40ක් කිරීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ලංකාදීපයට පැවැසීය. 18 April 2022
මැතිවරණ කොමිසම අවධානමක් ගැන කියයි ප්‍රජාතන්ත්‍රවාදිව සහ සාමකාමීව ඉදිරිපත් කරනු ලබන ජනතා අදහස්වලට සවන්දීම දේශපාලන පක්ෂ සතු වගකීමක් වන අතර එය නොසලකාහැරීම බරපතල අවධානමක් මතු කරනු ඇතැයි මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි. 18 April 2022
විරෝධතාව අස්සේ ගමන් ගත් මෝටර් රථයට පහර දෙති ඉන්ධන හිඟයට විරෝධය පළකරමින් පැවැති උද්ඝෝෂණයක් හරහා සිය මෝටර් රථයෙන් ගමන් කිරීමට උත්සාහ කළ පුද්ගලයකුට, උද්ඝෝෂකයන් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනකු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. 18 April 2022
රාජ්‍ය ඇමතිවරුත් අද දිවුරති රජ්‍ය ඇමැතිවරුන් ද ජනාධිපති මන්දිරයේ දි අද සවස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග කියයි. 18 April 2022
හතලිස් එකේ කණ්ඩායම විපක්ෂයේ අසුන් ගන්න යයි ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් සිට පාර්ලිමේන්තු තුල ස්වාධීන වු මන්ත්‍රීවරු 41දෙනා වෙනම කණ්ඩායමක් ලෙස විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත බව වාර්තා වේ. 18 April 2022
ලංකාවට ආහාර ගන්න රනිල් රටවල් පහක් සමඟ සාකච්ඡා කරයි වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආහාර අර්බුදයට සහනයක් ලබාගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බලවත් රටවල් පහක් සමඟ සාකච්ඡා පවත්වා තිබේ. 18 April 2022
‘‘අමතර වරප්‍රසාද ලබා නොගෙන රට වෙනුවෙන් වැඩ කරන්න‘‘ අමතර වරප්‍රසාද ලබා නොගෙන රට වෙනුවෙන් උපරිමයෙන් කැපවී වැඩ කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව අමාත්‍යවරුන්ගෙන් අද ඉල්ලීමක් කළේය. 18 April 2022
උද්ඝෝෂකයන් කලහාකාරී වුවහොත් අධිකරණයට දන්වන්න ආණ්ඩුවට විරෝධය පළ කරමින් කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ජනතා උද්ඝෝෂණයේදී උද්ඝෝෂකයන් මහජන පීඩාවක් හෝ කලහකාරී ලෙස හැසිරුණ හොත් ඒ සම්බන්ධයෙන් අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (18 ) කොටුව පොලිසියට නියෝග කළේය . 18 April 2022
19 ප්ලස්’ පන්නයේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් ඉල්ලයි ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණදී සිටින බරපතළ ආර්ථික සහ දේශපාලන අර්බුදයට කඩිනම් විසදුමක් ලෙස 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය ’19 ප්ලස්’ පන්නයේ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් හැකි ඉක්මනින් ගෙනආ යුතු බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ආණ්ඩුවට යෝජනා කරයි. 18 April 2022
පනත්-නියෝග රැසක් මේ සතියේ මැතිසබයට විශේෂ පනත් සහ නියෝග ගණනාවක් සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව හෙට (19) සිට ලබන 22 වැනිදා සිකුරාදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. 18 April 2022
පෙට්‍රල් මෙට්‍රික්ටොන් 37,500 ක් එයි පෙට්‍රල් මෙට්‍රික්ටොන් 37,500 ක් රැගත් නෞකාවක් මේ වන විට ශ්‍රී ලංකාවට ළඟාවී ඇති බව බලශක්ති අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු ’ලංකාදීප’ යට පැවැසීය. 18 April 2022
බැසිල්ට ඉල්ලූ තහනම අධිකරණයෙන් ඉවතට මහ බැංකු බැඳුම්කර සිද්ධියකට අදාළව හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනමක් නිකුත් කරන ලෙසට කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනාවල මහතා අද (18) ප්‍රතික්ෂේප කළේය. 18 April 2022
රාමසාන් උපවාසයට ආ මන්ත්‍රී අලි සබ්ර්ට විරෝධයක් වනාතවිල්ලුව කරතිව් ප්‍රාථමික පාසලේ පැවති රාමසාන් උපවාස උත්සවයකට පැමිණි පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්ර් රහිම් මහතාට එල්ල වු ජනතා විරෝධය හමුවේ පිටුපස තහඩු වැටෙන් පැන යාමට සිදුව බව වනාතවිල්ලුව පොලිසියෙ නිළධාරියෙක් පැවසිය. 18 April 2022
කබ්රාල්ට සිතාසී බැඳුම්කර වංචාවක් සිදුකලැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ලබන මැයි මස 02 වෙනිදා අධිකරණයේ පෙනී පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අද (18) යළි සිතාසී නිකුත් කළේය. 18 April 2022
නව ඇමැතිවරු දිවුරුම් දෙති නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම ජනාධිපති මන්දිරයේදී මිට සුළු මොහොතකට පෙර ආරම්භ විය. 18 April 2022
පොඩි මැණිකේ පීලි පනියි බදුල්ල සිට කොළඹ කොටුව දක්වා අද උදේ 8.30 ට ගමන් ඇරඹු පොඩි මැණිකේ දුම්රිය බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කි.මී. එකහමාරක් පමණ දුරින් පිහිටි බිංගෙයට නුදුරු ස්ථානයකදී පෙ.ව. 8.40 පමණ පීලි පැනීමකට ලක්විය . 18 April 2022
ඉන්ධන ලැබේ: විදුලි කප්පාදුව කෙටි වේ අද දින විදුලි කප්පාදුව පැය තුනයි විනාඩි 30ක් දක්වා අඩු කළ බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. 18 April 2022
ඩොලරය තවත් ඉහළට ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ වාණිජ බැංකු කිහිපයක් අද (18) දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 340 ක් ලෙස එම බැංකුවල වෙබ් අඩවිවල සටහන් කර තිබේ. 18 April 2022
මන්ත්‍රීවරු 18 ක් දිවුරන්න සූදානම් නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ කොටුව ජනාධිපති මන්දිරයේදී අද(18) පෙරවරු 10ට දිවුරුම් දීමට නියමිතය. 18 April 2022
පළාත් හතකට වැස්ස සබරගමුව, මධ්‍යම, ඌව, උතුර, උතුරුමැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 18 April 2022
ගල් අඟුරු ටොන් 120000 ක් ඩොලර් නැතුව හිරවෙයි ගල් අඟුරු මෙට්‍රික්ටොන් 120000 රැගත් නෞකා දෙකකට මුදල් ගෙවීමට නොහැකිවීමෙන් එම නෞකා දෙක නැවත හරවා ගෙන යාමේ අවදානමක් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති. 18 April 2022
කොවිඩ් ආසාදිතයන් 37ක් සහ එක් මරණයක් කොවිඩ් ආසාදිතයින් තව 37 දෙනෙක් අද (17) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 17 April 2022
දක්ෂිණ අධිවේගය වාහන 17 එකට ගැටේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 23 දශම 3 කළුතර ප්‍රදේශයේ දී වාහන 17 ක් එකිනෙක ගැටීමෙන් කාන්තාවන් දෙදෙනකු ඇතුළු සිව් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය සඳහන් කරයි. 17 April 2022
අයි.ඔ.සී. ඉන්ධන මිල තවත් ඉහළට ඉන්දියන් ඔයිල් සමාගම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 35 කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 75කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ. 17 April 2022
ජනපති ලේකම් කාර්යාලට ආලෝකවත් කළ විරෝධය ජනපතිට හා ආණ්ඩුවට එරෙහිව කොළඹ ගාලුමුවදොර විරෝධතාවේ නිරත පිරිස අද අලුත් ආකාරයේ විරෝධතාවක නරත වූහ. 17 April 2022
ගෝලිය කොරෝනා නවතම වාර්තාව ගෝලිය වශයෙන් ඉක්තු සතියේ දැනට ආසාදිතව සිටින ගණන සියයට 22කින් අඩු වී ඇතැයි ද මරණ ප්‍රතිශතය සියයට 21කින් අඩුවී ඇතැයි ද කැනඩාවේ වෙසෙන ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා සිදු කළ වාර්තාවකින් කියැවෙයි. 17 April 2022
කලගෙඩිහෙනෙන් නුවර පාර වහයි කළගෙඩිහේන ඉන්ධන පිරවුම් හල අසල දින දෙකක් තිස්සේ ඉන්ධන ලබා ගැනීම සඳහා වාහන නවතා ගෙන පෝලිමේ සිටි විශාල පිරිසක් ඉන්ධන නොලැබීම හේතුවෙන් අද 17 පස්වරු 07.30 ට පමණ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය වාහන හරස් කර උද්ඝෝෂණයක් ආරම්භ කර ඇත. 17 April 2022
පොලිස් වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් ශ්‍රී ලංකා පොලිසියේ නිළ වෙබ් අඩවිය වන www.police.lk වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. 17 April 2022
නව ඇමැති මණ්ඩලය හෙට දිවුරුම් දෙයි නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ කොටුව ජනාධිපති මන්දිරයේදී හෙට (18) දිවුරුම්දීමට නියමිතය. 17 April 2022
සුහද ක්‍රිකට් තරගාවලියට පැමිණි රියදුරෙක් මරුට නව වසර උදාව සමරමින් ත්‍රී රෝද රථ රියදුරන් පිරිසක් සංවිධානය කළ සුහද ක්‍රිකට් තරගාවලියකට සහභාගී වී සිටි ත්‍රීරෝද රථ රියැදුරකුට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇතැයි මාලඹේ පොලි.. 01 January 2026