(නිමන්ති රණසිංහ)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ යන අය සම්බන්ධයෙන් නිතිපති උපදෙස් ලබන 01 වැනිදා ලබා දීමට නිතිපතිවරයා පියවර ගනු ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මියට අද (23) ප්‍රකාශ කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 7(1) වගන්තිය ප්‍රකාරව මෙම සැකකරු සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බවත්, එම පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව සැකකරු සම්බන්ධයෙන් ඉදිරි කටයුතු අධිකරණයට වාර්තා කිරීමට බලාපොරොත්තු වන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධීකරණයට දැනුම් දුන්නේය.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ගල්වැව සිරිධම්ම හිමියන් නිතිපති උපදෙස් ප්‍රකාරව ඇප මත මුදා හැරීමට මෙම නඩුව අද (23) කැදවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්රවරයා මෙම කරුණු ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමනි, රටක ශිෂ්‍ය පරපුරක් වළ පල්ලට යවන මේ කඩාකප්පල්කරයාට නැවතත් අරගල නාඩගම් කරන්නට නම් ඉඩ තියන්න එපා.
නැවත අත්අඩංගුවට ගන්නවා ෂුවර්. එතකොට නැවත මුල ඉඳන් පටන් ගන්නවා.
සිරිධම්ම හාමුදුරුවන්ට වුනා වගේ .එක පැත්තකින් ඇප දීලා එලියට දානකොට තව පැත්තකින් තව චෝදනාවක් පටලවලා ආයේ ඇතුලට දානවා
අරගලය පටන් ගත්තේ වසන්ත වත් සිරිධම්ම හිමියන්වත් නෙවෙයි.
මේ කොල්ලව උසි ගන්වපු අය එළියේ ,
ජනාධිපති කෙනෙක් මෙයාට බයේ යටඇදුමත් දාලයි ලෝකෙ වටේ දිව්වේ…..
මෙයා රට රකින්න ගෙනාව වීරයාව එලෙව්වේ යටඇදුමක් නැතුවයි. තව පොඩ්ඩෙන් වීරයා මොට්ටැක්කිලියකුත් ඇදගෙන සව්දියේ හැංගෙනවා.
ඒක හරි ආයෙ සෙල්ලම් කලොත් සදා සොත් ති තමා. දැන් ඔය කවුද කියන්නෙ කොළඹ අරගලයට තහනම් නම් ගමේ අරගල කරන්නය කියල. ඇයි ගම් පාලනය කරන්නෙ අල්ලපු රටෙන්ද?
මේ ටිකේ කරදරයක් නැති ව හිටිය කරැමක්කාරයෙක් ආයිමත් ආවා