(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (23) පැවති රැස්වීමේදී ප්‍රතිපත්ති පොළී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර ඇත.
දේශීය,ගෝලීය ආර්ථිකයේ මෑතකාලීන වර්ධනයන් සහ බලාපොරොත්තු වන වර්ධනයන් මෙන්ම සාර්ව ආර්ථික ප්‍රක්ෂේපණයන් සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹ තිබේ.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 14.50 සීමාවේත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 15.50 සීමාවේත් පවත්වා ගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇතැයි එම නිවේදනයේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd