(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාරට බැසීමට මේ රටේ ජනතාව කාගෙන්වත් අවසර ගත යුතු නැති බවත් "පොර ටෝක්" දීලා ජනතාවගේ අයිතිවාසිකම් විනාශ කිරීමට කිසිවකුටත් අයිතියක් නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.
රටේ පොදු ජන අරගලය සාධාරණ බව පැවසූ විපක්ෂනායකවරයා සැබෑ අරගලය පටලවා නොගන්නැයි නායකයන්ගෙන් ඉල්ලා සිටින බවද ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා අරගලය සම්බන්ධයෙන් පොට පටලවාගෙන සිටින බවත් තමා සැබෑ අරගල කරුවන් සමග සිට ගෙන ඔවුන් සමග ඔවුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් පාරට බසින බවත් ඔහු කීවේය.
විපක්ෂ නායකවරයා මෙසේ පැවසූවේ ආරක්ෂක මහජන ආරක්ෂක සහ තාක්ෂණ යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක කාරකසභා අවස්ථා විවාදයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජියෝ. ඔලුව ටිකක් උස්සගන්නකම් පොඩ්ඩක් පාඩුවේ හිටපන්කෝ . පාරට බැස්සට කමක් නෑ. උඔලා රටට කෙළවෙන විදියට ගොන් පාට් දානවා නෙවෙයි.
සම්පූර්ණ ඇත්ත. අරගලෙන් ආපු එකාට දැන් ඒක මතක නෑ.
සජබ ගිලෙනා නැවේ නැවට වතුර ඇතුල්වූ සිදුර හොයන"පොර ටෝක්" මෑන් කියන කතා... තාත්තගෙ කාලේ ඔහොම කලානම් අද කොහොමද රට.... !! මෙයාට රට දුන්නොත් රටම අරගල භූමියක්ම වේවි...!
අම්බානක් ගුටි කන්න ගිහිල්ලා අනූනමයෙන් බේරිලා ලැජ්ජා නැතුව තව පොර ටෝක් දෙනවා. ඇයි බයද?
බයේ බෑ.මෙන්න නිර්භීත වීදී සටන් කරුවෙක් ඇවිල්ලා .නොබියව සටන් කරුවන් සමග හිට ගන්නවලු.දැක්කා හිට ගත්ත හැට්යි.පෙනී හිටපු හැට්යි.කයිවාරු වට නම් ඔස්තාර්.
ජර්මනියේ හිට්ලර් අන්තිමට සිය දිවි හානි කරගත්තා. ලංකාවේ නවීන හිට්ලර් ජනතාවගෙන් කම්බස් වෙන්නේ.
පාරට බැසීමේ ඔබේ අයිතිය ගෝල්ෆේස් පිට්ටනියේ දී අරගල කාරයෝ සහතික කරපු නිසා දෙන ආපයින්ම් ගියේ? මොනවද මේ හාදයාගේ මේ කතා ?