(ඉන්දිකා රාමනායක)
කොළඹ නගරය හා අවට පොලිස් කොට්ඨාස පහක රථවාහන රාජකාරි සදහා අණුයුක්ත නිලධාරීන්ගෙන් 1050 ගෙන් 855 දෙනකු රථවාහන පාඨමාලාව හදාරා නොමැති බව විගණන වාර්තාවකින් අනාවරණ අනාවණය වේ.
රථවාහන පාඨමාලාව හදාරා නොමැති ප්‍රමාණයෙන් සියයට 81 ක ප්‍රතිශතයක් බවද එම වාර්තාව සදහන් වේ.
කොළඹ නගරයේ සහ අවට මාර්ගයන් හි සිදුවන මාර්ග තදබදය අවම කිරීම සදහා රාජ්‍ය ආයතන විසින් සිදුකරන කාර්ය බාරය ඇගයීමේ 2021 වසරේ විගණන වාර්තාව මේ බව සදහන් කර ඇත.
රථවාහන තද බදය කළමණාකරනය කිරීම සදහා පුහුණු නිලධාරීන්ගේ දායතක්වය ලබා ගැනීම මගහැරී ගොස් ඇති බවද එම වාර්තාව මගින් පෙන්නුම්කර ඇත.
කොළඹ උතුර කොට්ඨාසයේ රථවහන රාජකාරි සදහා පොලිස් නිලධාරීන් 121 දෙනකු අනුයුත්ක කර ඇති අතර, ඉන් 89 දෙනකු පාඨාමාලාව හදාරා නොමැත. කොළඹ දකුණ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් 319 ක ප්‍රමාණයක් අතුරින් 277 දෙනකු රථවාහන පාඨමාලාව හදාරා නොමැත
කොළඹ මධ්‍යම කොට්ඨාසයේ රථවහන පොලිස් නිලධාරීන් 195 දෙනා අතරින් 163 දෙනෙකු පාඨමාලව හදාරා නොමැත, නුගේගොඩ කොට්ඨාසයේ නිලධාරීන් 241 දෙනකු අතරින් 189 දෙනකු පාඨමාලාව හදාරා නොමැත, ගල්කිස්ස කොට්ඨාසයේ නිලධාරීන් 174 අතරින් 137 දෙනකු රථවාහන පාඨමාලාව හදාරා නොමැති බවද එම විගණන වාර්තාවේ සදහන් වේ.
COMMENTS
මුන් ඔක්කොම ගමේ ගස් නැගපු කසිප්පු පෙරාපු අමු ගොන් බයියලානේ .ඉංග්‍රීසි එක අකුරක්වත් දන්නේ නැති මුන්ට කොහෙද ඉතින් රථවාහන පාඨමාලාව ගැන දන්නේ
ඕක තමයි අනෙක් රාජ්‍ය ආයතන වලත් තියෙන්නෙ .සේවයට එන අය කියන්නෙ අපි උපාධිධාරීන් ,අපි උගත්තු අපිට පුහුණුවක් අවශ්‍ය නැහැ කියලා .රජයේ සේවයේ අය අධ්‍යාපන සුදුසුකම් ඇතුව ආවත් ඔවුන්ට ආකල්ප හා කුසලතා වර්ධනය සදහා පුහුණුවක් දෙන්නෙ නැහ. විද්‍යාපීඨ වලට තෝරා ගන්න අයට වුනත් හරියට පුහුණුවක් දෙනවාද කියලා සැකයක් ඇතිවෙනවා .මෙනිසා බදවා ගත් අවස්ථාවෙදි ,ශ්‍රේණි උසස් වීමෙදි හෝ කිරීමෙදි වත් අනිවාර්ය පුහුණුවක් දීම කලයුතුය
උඩ ඉදන් පහලටම විෂය ගැන නම් පොලිසියේ කවුරුවත් දන්නේ නැහැ තමයි
8 පාස් හින්දා පාඨමාලා තේරුම් ගන්න බැහැ
පොලිසියේ ඉන්න සමහර අය දන්නේ පාරේ වාහන වලින් පගාව ගන්න.
පොලිසියෙ විතරක් නෙමෙයි, මුලු දේශපාලු හැතිකරයෙම subject එක දන්න එවුන් 10%ක් වත් ඉන්නවද..?? නැහැනෙ...
පාර්ලිමේන්තුවේ ඉන්න මීහරක් වගේම තමයි. දේශපාලකයන්ගේ ඕනෑ එපා කම්වලට නිලධාරීන් පත්කරගත්තම ඔහොම තමයි.
විෂය නොදත් ඇමතිලා ඉන්නවානම් විෂය නොදත් රාලහාමිලා හිටියාම මොකෝ ආයුබෝවන්?