ඇමෙරිකාවේ වර්ජිනියා හි වෝල්මාර්ට් සුපිරි වෙළඳසැලේ වෙඩික්කරුවකු සිදු කළ වෙඩි තැබීමෙන් හත් දෙනෙකු මිය ගිය අතර වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරු එම සුපිරි වෙළඳසැලේ සේවකයකු බව හඳුනාගෙන ඇතැයි වර්ජනියා පොලිස් ප්‍රධානි මාර්ක් සොලෙස්කි ප්‍රකාශ කළේය.

වෙඩි තැබීමෙන් තවත් හතරදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල් ගත කර ඇති බවත් වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් පොලිස් ප්‍රධානි මාර්ක් සොලෙස්කි පැවසුවේය.

වෙඩික්කරු මියගොස් සිටියදී හමු වී ඇති අතර ඔහු වෙඩි තබාගෙන සිය දිවි හානි කරගන්නට ඇතැයි විශ්වාස කරන බව වර්ජිනියා පොලිසිය ප්‍රකාශ කර ඇත .ආරංචි මාර්ග පවසන ආකාරයට වෝල්මාර්ට් හි කළමනාකරු මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇතැයි විශ්වාස කරන බව ඇමෙරිකානු මාධ්‍ය සඳහන් කර තිබේ.

අඟහරුවාදා රාත්‍රියේ සේවයකයන් ආහාර ගන්නා ස්ථානයට පැමිණ වෙඩික්කරු වෙඩි තැබීම සිදු කළ බව ආරංචි මාර්ග පැවසුවත් එය තහවුරු කළ නොහැකි බව ඇමෙරිකානු මාධ්‍ය පෙන්වා දී තිබේ.