(නිමන්ති රණසිංහ)
බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවකු සමඟ එක්වී ඊෂි කෑෂ් ක්‍රමය උපයෝගී කර සැකකටයුතු අන්දමින් රුපියල් කෝටි ගණනකට අධික මුදලක් හුවමාරු කළ බව කියන ඇඟලුම් සේවිකාවක ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (23) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ, නාහල්ල, රිදීගම ලිපිනයෙහි පදිංචි රාජපක්ෂ දේවයලාගේ චතුරි ප්‍රදීපිකා ගුණදාස නැමැති ඇඟලුම් සේවිකාවකි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂවරයා විසින් ඉකුත් 2020 වසරේ ජුලි මස 03 වැනිදා කරනු ලැබූ පැමිණීල්ලකට අදාළව මෙම විමර්ශනය ආරම්භ කළ බවත්, 2006 අංක 05 දරන මුදල් විශද්ධීකරණ වැලැක්වීමේ පනත ප්‍රකාරව මෙම සැකකාරිය අත්අඩංගුවට ගත් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිති විරෝධී දේපල හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
මෙම සැකකාරිය බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවකු වන ‘සමීර’ නැමැත්තකු හා දුරකතනයෙන් සම්බන්ධතා පවත්වා ඇති බවත් මෑතකදී කිහිප වතාවක්ම එම බන්ධනාගාරයට ගොස් එම සැකකරු මුණ ගැසී ඇතිබවට තොරතුරු හෙළිවී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව එම සැකකාරියේ ජංගම දුරකතනයේ වාර්තා කැදවීමට නියෝග ලබා දෙන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
සිරකරුවකු හා එක්ව කෝටි ගණන් ඉපැයූ ඇඟළුම් කත රිමාන්ඩ්